தமிழ்
English
Contact
Monday 4th December 2017    
කොළඹ-නුවර අධිවේගයේ පරිසර විනාශයට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්! « Lanka Views | Views of the truth

කොළඹ-නුවර අධිවේගයේ පරිසර විනාශයට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්!



කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ සිදුවන මහා පරිසර විනාශය පිළිබද අවධානය යොමුකරමින් එය වැලැක්වීමට මැදිහත්වන පරිසරවේදීන්ට හා ප්‍රදේශවාසින්ට එරෙහිව මැර බලය හා පොලිසියේ බලහත්කාරය සහිත මර්දනයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

සිදුවෙමින් තිබෙන ඉදිකිරීම් නිසා උද්ගතවන පාරිසරික ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් සිටි අලව්ව ප්‍රදේශයේ පිරිසකට පසුගිය 25 දින රාත්‍රියේ කඩු වලින් සහ පොලු වලින් පහර දී තිබේ. ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්ත බණ්ඩාරට සහ එජාප පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න ශමල් සෙනරත්ට හිතවත් පිරිසක් මෙසේ කඩා පැන ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඔවුන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මෙම පහරදීමෙන් කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමියෙක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබයි.

මීරිගම සහ අලව්ව අතර කොටසේ කුඹුරු සහ වගුරු ස්ථාන කණු උඩ ඉදිකිරීමට නිර්දේශ කර තිබුණද, මේ වනවිට එම ඉදිකිරීම් සිදුකරන්නේ පහත් බිම්වලට පස් පුරවමිනි. මේ නිසා ප්‍රෙද්ශයේ පාරිසරික සමතුලිතතාවයට බරපතල ප්‍රතිවිපාක ඇතිකරවන දැවැන්ත පරිසර විනාශයක්  කොන්ත්‍රාත්කරුවන් විසින් ආරම්භ කර තිබේ. කෙසේවෙතත් පරිසරවේදීන් මෙන්ම ප්‍රෙද්ශවාසින් මේ සම්බන්ධව අදාළ බලධාරින්ට හා ආයතනවලට දැනුම් දෙමින් විරෝධතා ක්‍රියාමාර්ග ආරම්බ කර තිබේ. නමුත් අදාළ විරෝධය සඳහා මූලිකත්වය ගෙන ඇති දෙදෙනකුගේ නිවෙස් වලට පොලිසීයෙන් පැමිණ අනවසරයෙන් නිවාස පරීක්ෂා කිරීමටත්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වන බව පවසා තර්ජනය කිරීමත් සිදුව තිබිණි.