Posted on 10.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලබා සිටි එමිල් කාන්තන් ඇතුළු 10ක් නිදහස් කිරීමට කොළඹ මහා අධිකරණය නියෝග කර ඇත.
එල් ටී ටී ඊ යේ උතුරු නැගෙනහිර මුදල් අංශ ප්‍රධානියාව සිටි බව කියන එමිල් කාන්තන් සහ තවත් 16 දෙනෙකු හිටපු මන්ත්‍රීවරයාට පහර දී මරා දමන්නට උථ්සාහ කළ බවට නඩු පවරනු ලැබ විත්තිකරුවන් වූහ. එයින් දස දෙනකු විනිසුරු පියසේන රණසිංහ විසින් මෙසේ නිදහස් කරනු ලැබුවේ ඉතිරි 6 දෙනාට වසර 10 ½ බැගින් වූ සිර දඬුවම් හා රු 10000 බැගින් දඩ නියම කරමිනි.