Posted on 09.16.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
පසුගිය 13 වැනි දින පේරුහි ලීමා අගනුවර රැස්වූ අන්තර් ජාතික ඔලිමිපික් කමිටුවේ නිත්‍ය නියෝජිතයින්ගේ එකගත්වයෙන් 2024 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන නගරය පැරිස් නගරය බවට නිවේදනය කළේය.
මේ වසරේ සිට ඔලිම්පික් උළෙල පැවැත්වෙන නගර දෙකක් එකවර ප්‍රකාශයට පත්කරන ලබයි. ඒ අනුව 2028 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරයි. පැරිස් නගරය හා බොස්ටන් නගරය 2024 ඔලිම්පික් උළෙල ලබා ගැනීමේ තරගයට ඉදිරිපත් වූ අතර ඉන් පැරිස් නගරයට අවස්ථාව හිමිවිය.
පසුව ඇමරිකාවේ බොස්ටන් නගරය වෙනුවට ලොස් ඇජලිස් නගරය 2028 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වීම සදහා සුදුසු නගරය ලෙස අන්තර් ජාතික ඔලිම්පික් කටිටුවේ සභාපතිතෝමස් බැච් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන කළේය.
පැරිස් නගරයට ඔලිම්පික් උළෙල මෙවර පැමිණෙන්නේ දෙවන වරටය මීට පෙර 1924 වසරේදී ඔලිම්පික් උළෙලක් පැරිසියේ පවත්වා තිබේ. සියවස් සමරු ඔලිම්පික් උළෙලක් ලෙස 2024පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙනු ඇත.