தமிழ்
English
Contact
Saturday 28th October 2017    
ප්‍රංශයට ත්‍රස්තප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් « Lanka Views | Views of the truth

ප්‍රංශයට ත්‍රස්තප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක්



මේ වන විට ප්‍රජශයට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් පවතින බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මෙසේ අවධාරණය කර ඇත්තේ පසුගිය දිනවල ප්‍රංශයට පැමිණි සිටින අයි.එස්. සංවිධානයට සම්බන්ධවී ඉරාකයේ හා සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය සංවිධානයන් වෙනුවෙන් සටන්වලට සම්බන්ධවී සිට නැවත ප්‍රංශයට පැමිණි පිරිස් හේතුවෙනි.

මෙසේ පැමිණ සිටින අය 271ක් පමණ වන බව වාර්තාවේ. ඒ අය අතරින් සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවටද ගෙන තිබෙන අතර තවත් පිරිසක් රදවාගෙන ප්‍රශ්න කර පසුව මුදාහැර තිබේ. කෙසේ නමුත් මෙම තත්වය ඉතා බරපතල බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා හෙළිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසර කිහිපය තුල ප්‍රංශ ජාතිකයින් 700ක් පමණ විවිධ අවස්ථාවල විදෙස්ගතව අයි.එස් ඉස්ලාමීය සංවිධානයන් සමග සම්බන්ධව කටයුතු කළ බවට සාක්ෂි හෙළි කරගැනීමට හැකිව තිබෙන බව ප්‍රංශ රජය අවධාරණය කර ඇත.