විකිරණ විද්‍යා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්
Posted on 08.05.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මධ්‍යම පළාත තුල ස්තානමාරුවීම් ලද විකිරණ විද්‍යා නිලධාරීන් මේ වනතෙක් අදාළ රාජකාරීවලින් නිදහස් නොකිරීම හේතුවෙන් අර්බුධ රැසක් පැනනැගී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ අත්තනෝමතික කිරියාකලපයන් හේතුවෙන් මෙම අර්බුධය හට ගෙන ඇති බවත් මෙම ගැටලුවලට කඩිනම විසදුම් ලබා දීමට බලධාරීන් මැදිහත් නොවුනහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට පිවිසෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා වැඩිදුරටත් අදහස් කරමින් පවසන ලදි.