Posted on 07.29.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ස්පාඤ්ඥයේ බාසිලෝනාහි ෆැරැන්ෂියා දුම්රිය ස්ථානයේහි සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 54 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
ඊයේ සිදුව ඇති මෙම දුම්රිය අනතුරු සිදුවන අවස්ථාවේ එහි මගීන්ගෙන් පිරී පැවැතිනි. නගරාන්තර දුම්රියක් දුම්රිය ස්ථානය වෙත ලගාවෙමින් තිබියදී හදිසියේම එය මගීන්ගෙන් පිරී පැවැති වේදිකාව වෙතට කඩාවැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.
පදික වේදිකාවේ සිටි දුම්රිය මගීන්බොහෝ දෙනෙකුට මෙම අනතුරින් තුවාල සිදුව අති බව වාර්තාවේ. වේදිකාවේ වැදුණු දුම්රියට හිරවීමෙන් හා වීදුරු කැඩී බිදීයාමෙන් මගීන් බොහෝ පිරිසක් කුපුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ.