Posted on 08.22.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිදු කළ වෑන් රථ ප්‍රහාරයට සම්බන්ධ රියදුරු යැයි සැකකළ මොරොක්කානු ජාතික යුනිස් අබුයාකුබ් ඊයේ පොලිස් වෙඩි පහරින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා බාසිලෝනාහි සිදු කළ වෑන් රථයට යට කර පුද්ගලයන් 13 දෙනෙකු මරා දැමීමත් තවත් පුද්ගලයන් 100කට ආසන්නව තුවාල සිදු කිරීම හේතුවෙන් අවශ්‍යව සිටි පුද්ගයෙකි. ඊයේ ඔහු ස්ථානය පිළිබදව ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් පසුව පොලීසිය විසින් යුනිස්ව වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම සැකකරු බාසිලෝනා නගරයට කි.මී.25කට ආසන්නයේ පිහිටි මිදි වත්තක සැගවී සිටියදී පොලිසියට කොටු කර ගන්නට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.