දැනුවත් කිරීමේ නියුතු අන්තරේ සිසුන්ට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පහර දෙයි
Posted on 07.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය අහෝසි කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දෙමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමජිකයින් පිරිසකට කැකිරාව ප‍්‍රදේශයේදී අද(20) දින දහවල් 12.30 ට පමණ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ ඇතුලූ පිරිසක් පැමිණ අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම නිර්ලජ්ජිත පහරදීමට විරෝධය ඵලකරමින් අද(20) දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇති අතර එම ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.

2017.07.20
කතෘ/ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක
දැනුවත් කිරීම්වල නියුතු සිසුන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ ඇතුලූ පිරිස සිදුකළ පහරදීම සම්බන්ධවයි
මාළඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව මහජන දැනුවත් කිරීම් සඳහා කැකිරාව ප‍්‍රදේශයේ අත්පත‍්‍රිකා බෙදමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට අද (20) දහවල් 12.30 ට පමණ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ ඇතුලූ පිරිසක් පැමිණ අමානුෂික ලෙස පහර දී ඇත. පළමුව පැමිණි මන්ත‍්‍රීවරයා ඇතුලූ පිරිස සිසුන්ට තර්ජනය කොට ගොස් ඇති අතර නැවත වෙනත් ස්ථානයක අත්පත‍්‍රිකා බෙදමින් සිටියදි පැමිණ මෙසේ පහරදීම සිදුකොට ඇත. චන්දිම ගමගේ මන්ත‍්‍රීවරයා සහ තවත් සිව්දෙනෙකු පමණ පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකර ඇති අතර අමානුෂික ලෙස පහර කා තුවාල ලැබූ සිසුන් මේ වනවිට කැකිරාව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි. කැකිරාව පොලීසියටද මේ සම්බන්ධව පැමිණිලි කර ඇත.
නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසමින් සයිටම් හොර උපාධි කඩයට සුජාතභාවය දීමට ඉතා කුමන්ත‍්‍රණකාරී ලෙස කටයුතු කරන ආණ්ඩුව සංදර්ශන පවත්වමින් ජනතාවට බේගල් පතුරුවමින් මුලා කරමින් සිටියිග ඒ අතර සිසු නායකයින් සිරගත කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට කටයුතු කරමින් සිටියි. එම ක‍්‍රියාවලි සියල්ල හමුවෙ මෙහි සැබෑ යථාර්තය ජනතාව හමුවට ගෙනයාමට කටයුතු කරන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට, නීතිය අවභාවිතය සේම මෙලෙස මැර බලය භාවිතා කිරීමද දිගින් දිගටම සිදුවෙමින් පවති මෙවැනි අමානුෂික හැසිරීම් ඉතා පිළිකුලින් යුතුව හෙලා දකින අතර ආණ්ඩුවේ මැරයින් හා කුලී හේවායින්ගේ ක‍්‍රියාවලි හකුලාගන්නා ලෙසත් චන්දිම ගමගේ ඇතුලූ මැර පිරිසට වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටත් ආණ්ඩුවට දන්වා සිටිමු.
මර්දනය මුදාහරිමින් ජනතා ගැටළු යටපත් කිරීමට උත්සාහ ගන්නා ආණ්ඩුවට සැබෑ ජනතා මතයට හිස නමන ලෙසත් ව්‍යාජ විසඳුම් දෙමින් සමාජය මුලා කිරීම නවතන ලෙසත් මර්දනය හකුලා ගන්නා ලෙසත් නැවත නැවතත් මතක කර සිටිමු. මර්දනය හමුවේ පසු බැසීමට සූදානම් නොමැති බවත් ජනතා අභිලාෂයන් වෙනුවෙන් අප අඛණ්ඩව පෙනී සිටින බවටත් දන්වා සිටිමු.
මාධ්‍ය ඒකකය
අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය