Posted on 11.29.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
චීන මහජන විමුක්ති හමුදාවේ දේශපලන අංශය බාර ප්‍රධානී ලෙස කටයුතු කළ ජෙනරාල් ෂෙන් යෑන් සිය දිවි හානිකර ගෙන මියගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 23 වැනි දින බීජින්හි සිය නිවසේදී එල්ලී මියගොස් සිටියදී ෂෙන් යෑන්ගේ මල සිරුර හමුව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.
වත්මන් චීන ජනපති ෂී ජින් පින්ගේ සමීපතමයකු ලෙස සැලකෙන ෂෙන් යෑන් සැලකෙන බවද එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙසේ සිය දිවි නසා ගැනීමට හේතුව ලෙස එරට මාධ්‍ය විසින් හෙළිකර ඇත්තේ ඔහුට එරෙහිව වංචා දූෂණ චෝදනා එල්ලවීමෙන් පසුව ජෙනරාල්වරයා මෙසේ සිය දිවි නසා ගෙන ඇති බවයි.
චීනයේ මහජන විමුක්ති හමුදාවට අණදෙනු ලබන එරට මධ්‍යම මිලිටරි කොමිසමේද ප්‍රධානියකුවන මොහු චීන හමුදාවේ දේශපාලන අංශය භාර ප්‍රධානියා ලෙස පසුගිය කාලයේ පත්කර තිබුනි.
17 වන 18 වන චීන ජාතික කොංග්‍රස් සැසිවලදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයකු ලෙසද ෂෙන්යෑන් තේරී පත්ව ඇත.
කෙසේ වෙතත් එරට ජනාධිපති ෂී ජින් පින් විසින් මේ වන විටි චීන කොමියුනිස්ට් පක්ෂය තුල ආරම්භ කර ඇති අල්ලස් හා වංචා දූෂණ මැඩලීමේ මෙහෙයුමේ විමර්ශන අංශ විසින් පසුගියදා ෂෙන්යෑන් ගේ කටයුතු පිළිබදව ද විමර්ශන ආරම්භ කර ඇත.
මෙම හේතුවෙන් එයට මුහුණදීමට නොහැකිව ෂෙන්යෑන් මෙසේ දිවි හානි කර ගන්නට ඇති බව චීන මාධ්‍ය ජෙනරාල්වරයාගේ හදිසි මියයාම පිළිබදව ප්‍රවෘත්ති වාර්තා කරයි.