தமிழ்
English
Contact
Sunday 5th May 2019    
එක්සත් ජනපද ප්‍රහාරක යුද නැව් කණ්ඩායමක් කොළඹ වරායට පැමිණේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජනපද ප්‍රහාරක යුද නැව් කණ්ඩායමක් කොළඹ වරායට පැමිණේ !



එක්සත් ජනපද නාවික හමුදා ප්‍රහාරක යුද නැව් සහ ගුවන් යානා සමන්විත කණ්ඩායමක් ඔක්තෝබර් 28 වැනිදා කොළඹ වරාය වෙත ළගාවීමට නියමිතය.

Nimitz Carrier Strike Group ලෙස හදුන්වන  මෙම කණ්ඩායමට USS Nimitz, USS Princeton, USS Howard, USS Shoup, USS Pinckney, සහ USS Kidd යන නවීනතම න්‍යෂ්ටික ශක්තිය සහිත ප්‍රහාරක හා විනාශක යුද නැව් අයත් වේ. මෙම යුද නැව් කණ්ඩායම මෙහි ළගා වන්නේ ඔක්තෝබරයේ යෙදී ඇති එක්සත් ජනපද-ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගි වන්නටදැයි තවමත් නිවේදනය කර නැත. කෙසේවෙතත් මෙම බලගතු යුද නැව් කණ්ඩායම ඔක්තෝබර් 28 කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.

ඔක්තබෙර් 2-6 දිනවල ත්‍රිකුණාමලයේදී  ලංකා-අමෙරිකා යුද අභ්‍යාසයක් පැවැත්විණී. ඉන්පසුව ඉන්දු ලංකා යුද අභ්‍යාසයක්ද පැවැත්විණි. මේ වනවිට දකුනු ආසියා කලාපයේ චීන මැදිහත්වීමට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය හා ඉන්දියාව ලංකාව සමග කටයුතු කරන්නට ඉදිරිපත්ව සිටී. කලාපීය භූ දේශපාලනික අරමුනු නිසා මෙසේ ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය මිලිටරිමය ප්‍රහාරක යාත්‍රා මගින් ආරක්ෂක කටයුතු පැත්නේද සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් මැදිහත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද ලංකාවේ දේශපාලනය හැසිරවීමේ ක්‍රියාවලියක නිරතව සිටී.