Posted on 08.09.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ පැවැති කෙන්යානු මැතිවරණෙය් වත්මන් ජනාධිපති උහුරු කෙන්යාටා ජයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊයේ පැවැති මැතිවරණයෙදී භාවිත වූ ඡන්දවලින් 91%ක් පමණ මේ වන විට ගණන් කොට අවසන් බව එරට මැතිවරණ බලධාරීන් පවසා ඇත.
ඒ අනුව උහුරු කෙන්යාට්ටාට 54.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබෙන බවත් ඔහුගේ විරැද්ධවාදී රයිලා ඔඩින්ගාට හිමිව ඇත්තේ 44.6% ක ඡන්ද ප්‍රතිශතයක් බවද කෙන්යානු මැතිවරණ ප්‍රථිඵල පිළිබදව තොරතුරු අනාවරණය කර ඇත.
මෙම මැතිවරණ ප්‍රථිපළ තම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන බව එරට විපක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂක රයිලා ඔඩින්ගා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. ඔහු සිය ස්ථාවරය ප්‍රකාශකර ඇත්තේ වැරදි සංඛ්‍යා ලේඛන උපයෝගීකර ගෙන ඇති මෙම මැතිවරණය දූෂිත හා වංචනික එකක් බව තම ස්ථාවරය බවයි.
මේ මැතිවරණ ප්‍රතිඵළ නිල ලෙස පිළිගැනීමට තම පක්ෂය සූදානම් නොවන බවයි. එසේ කිරීමට හේතු වන්නේ නිල ලේඛන මගින් මැතිවරණ ප්‍රතිඵළ තහවුරු කොට නිකුත් කිරීමට අදාල බලධාරීන් අසමත්ව ඇති බැවින් යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශකර ඇත.