Posted on 09.06.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඔක්තෝබර් මස 17 වැනි දින පැවැතිවීමට නියමිත කෙන්යානු ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වන්නේ නීතිමය හා ව්‍යවස්ථාමය සහතිකයක් ලැබෙන්නේ නම් පමණක් බව කෙන්යානු විපක්ෂ නායක රයිලා ඔඩින්ගා පවසා ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය අගෝස්තු මස 8 වැනිදින පැවැති ජනාධිපතිවරණයේ ප්‍රථිපළ එරට ශ්‍රේෂ්ඨාධිකරණව විසින් අත්හිටුවීම හේතුවෙන් නැවත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. පසුගියදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රථිඵළ ලබාදීමේදී විවිධ අක්‍රමිකතා කළ බවට ලද පැමිණිලි හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ප්‍රථිඵල අත්හිටුවීමට නියම කෙරිනි.
කෙන්යානු විපක්ෂ කණ්ඩායම් පවසන්නේ මැතිවරණ කොමිසමේ සංයුතිය පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ වෙනස් කිරීමෙන් එම කොමිසමේ ස්වාධීනත්වය පිළිබදව සැක ඇතිවන බවයි. අලුතින් පත් කළ නව පත්කිරීම් වෙනස් කළයුතු බව කෙන්යානු විපක්ෂ කණ්ඩායම් පවසයි. එසේ නොමතිව නැවත එම කොමිසම මගින්ම ජනාධිපතිවරණ පවත්වන්නේ නම් තමන් ඊට සහභාගීනොවන බව කෙන්යානු විපක්ෂය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.