Posted on 08.16.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ලංකේය අධ්‍යාපන ක්‍ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන ජාතික අධ්‍යාපන කොමිසම මාස 4ක පමණ කාලයක සිට අක්‍රිය වී ඇති බව වාර්තා වේ.
ඉකුත් අප්‍රේල් 28 වැනිදා සිට එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන්ගේ ධූර කාලය අවසන් වී ඇති අතර මේ වන තෙක් එම තනතුරු සඳහා පත්කිරීම් සිදු කර නොමැති වීම හේතුවෙන් අදාළ කොමිසම මෙලෙස අක්‍රිය වී ඇත.
සාමාන්‍ය අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ඉදිරි ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමට නියමිතව තිබුණත් කොමිසම අක්‍රියව ඇති බැවින් එහි කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් වේ.
මෙම කොමිසම ජනාධිපතිවරයාගේ විෂය පථයට අයිති බැවින් එහි සාමාජිකයින් පත්කළ යුතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.
අධ්‍යාපන පෞද්ගලීකරණය වෙනුවෙන් ඉතා උනන්දුවෙන් පෙනී සිටින ආණ්ඩුව, නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව සිදුකරන මැදිහත්වීම, මෙවැනි නොසකලාහැරීම් තුළින් පැහැදිලිව පෙනෙන්නට තිබේ.