தமிழ்
English
Contact
Sunday 24th September 2017    
උපරිම දඩුවම් ලද වැලිකඩ සිරකරුවන් 200ක් උපවාසයට එක් වෙති ! « Lanka Views | Views of the truth

උපරිම දඩුවම් ලද වැලිකඩ සිරකරුවන් 200ක් උපවාසයට එක් වෙති !



මරණීය දණ්ඩනය හා ජිවිතාන්තය දක්වා නියමවූ සිරකරුවන්ගේ සිරමැදිරිවල ජීවිතය ගෙන යාමේ දුෂ්කරතා නිසාත් තම ඉරණම පිළිබද නිර්දේශ කරන්නට පත්කළ කමිටු වාර්තා ප්‍රමාද වීමේ අසහනකාරිත්වය නිසාත් ඔවුහු උපවාස කිරීමට පෙළඹී ඇති බවට තොරතුරු හෙළි වෙමින් තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනයට හා ජිවිතාන්තය දක්වා සිරගතකර සිටින සිරකරුවන් 150ක් පමණ උපවාසයක් ආරම්භ කළ බව ජනමාධ්‍ය වාර්තා පළ විය. මෙය පසුගිය 14 වැනිදා බෝගම්බර සිරගෙදර ආරම්භ කළ උපවාසයට පසුව ඇතිවූ තත්වයක් බවද බන්ධනාගාර මාධය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය පවසයි. ඔහු පවසන ආකාරයට වැලිකඩ සිරකරුවෝ විසින් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් තමන්ට පොදු සමාවක් ලබා දියයුතු බවට ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම එකවරම ඉටු කළ නොහැකි බවද මරණ දඩුවමට ලක් කළ සිරකරුවන් පිළිබද නිර්දේශ ලබාදීමට 2013දී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද කමිටුවේ වාර්තා ලැබෙන තුරු සිටිය යුතු බවද ඔහු පවසයි.

මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 200ක් පමණද ජිවිතාන්තය දක්වා දණ්ඩනය ලද සිරකරුවන් 150ක් පමණද රදවා සිටිති. ඔවුන් ඉතාමත් දුෂ්කර පහසුකම් යටතේ කල් ගෙවන බව සිරකරුවන්ගේ ඥාතීහු සහ මානව හිමිකම් ක්‍රියාකාරිහු චෝදනා කරති.