தமிழ்
English
Contact
Friday 26th January 2018    
ලාංකිය නියෝජිතයෝ ලෝක තරුණ උළෙලේදී විදේශ සබදතා ශක්තිමත් කරගනී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකිය නියෝජිතයෝ ලෝක තරුණ උළෙලේදී විදේශ සබදතා ශක්තිමත් කරගනී !



19 වැනි ලෝක තරුණ හා හිෂ්‍ය උලෙලට සහබාගි වී සිටින ලාංකික නියෝජිතයන් විසින් විදේශ තරුණ හා ශිෂ්‍ය සංවිධාන සමග ද්විපාශ්වික සාකච්චා පවත්වමින් මෙතෙක් නොපැවති සහයෝගිතාවයක් ගොඩනගාගැනීමපියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය (WFDY) විසින් රුසියාවේ සෝචි නගරයේ පැවැත්වෙන මෙම ලෝක තරුන උළෙලට ලංකාව නියෝජනය කරමින් දේශපාලන පක්ෂවල සහ ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටී.  ඒ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් 9 දෙනකු සිටී. මීට අමතරව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රිලංකා නිදහස් පක්ෂය වැනි දක්ෂිණාංශික පක්ෂවල නියෝජිතයන් සිය ගණනක් මෙම තරුණ උලෙලට සහභාගි කරවා ඇත.

වාමාංශික පක්ෂ නියෝජිතයන් විසින් ලෝකයේ විවිධ වාම පක්ෂ හා දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයන් හමු වෙමින් ජාත්‍යන්තර සබදතා දේශපාලනික වහයෙන් ශක්තිමත් කිරීමේ කටයුතුවල නිරතවන අතර ඔවුහු විවිධ සංවාද හා සාකච්ඡා සභාවලටද සම්බන්ධ වෙති. විහේෂයෙන් මේ වනවිට ලංකාවේ තරුණ පරපුර හා ශිෂ්‍ය ව්‍යාපාරය මුහුණ දෙමින් තිබෙන තත්වයන් පිළිබද ලෝකයේ සෙසු සහෝදර ශිෂ්‍ය හා තරුණ සංවිධාන දැනුවත් කිරීම ඔවුන් විසින් සිදුකරමින් සිටී.

1945 නොවැම්බර් 10 වැනිදා ලන්ඩන් නගරයේදී පිහිටුවන ලද ලෙස ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය, එවකට සමාජවාදී කදවුරේ ප්‍රබල සහයෝගය ඇතිව ලොව පුරා සටන්කාමී හා ප්‍රගතිශීලී තාරුණ්‍යය සංවිධානය කිරිමේ නිරත විය. ලෝකයේ දැවැන්තම තරුණ ව්‍යාපාරය ලෙස එය තවමත් අධිරාජ්‍යවාදයට එරෙහි සහ මානවවාදී අරමුනු සහිත සබදතා ජාලයක් බවට පත්ව තිබේ.

පෙ.ස.ප. නියෝජිතයන්

ජ.වි.පෙ. නියෝජිතයන්

නුවන් බෝපගේ, සයිප්‍රසයේ වැඩකරන ජනතාවගේ ප්‍රගතිශීලී පක්ෂයේ (AKEL) නියෝජිතයකු හමු වී

නුවන් බෝපගේ සම්මන්ත්‍රණයකදී තරුණ නියෝජිතයන් අමතමින්

පෙ.ස.ප. නියෝජිතයන් බංග්ලාදේශ ශිෂ්‍ය නියෝජිතයන් සමග සාකච්ඡාවක්

 

 

Save