தமிழ்
English
Contact
Monday 28th August 2017    
යුද තර්ජන නිසා ගම්වල තරුණයන්ට අායුද දුන්නා, හඩපටය ගැන පරික්ෂණ – හිස්බුල්ලා « Lanka Views | Views of the truth

යුද තර්ජන නිසා ගම්වල තරුණයන්ට අායුද දුන්නා, හඩපටය ගැන පරික්ෂණ – හිස්බුල්ලා



තමන් විසින් මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ යැයි කෙරෙන ප්‍රචාරය සත්‍යයෙන් තොර බවද මෙම හඬ පටය සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් කළ යුතු බවද පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය  එච්.ඒ.එච්.එම්. හිස්බුල්ලා පවසයි.

සමාජ මාධ්‍ය ජාලයේ මේ දිනවල සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙවන් හඩපටයක් සංසරණයවන නමුත් ඒ හඬපටය පසුගිය යුද සමයේ කවරෙකු හෝ විසින් පටිගත කරන ලද්දක් විය හැකි බව ඔහු අනුමාන කරයි. උතුරේ පැවැති යුද තත්වය හමුවේ උතුර හා නැගෙනහිර දුෂ්කර ගම්මානවල ජනතාවගෙන් ජීවිත අනතුරට පත්වන නිසා ඒ ගම්වල තරුණයන්ට රජයේ අනුදැනුම ඇතිවආයුධ ලබා දුන් බව රහසක් ‍නොවන බව පවසන රාජ්‍ය අැමතිවරයා රජයත් ඒ කාරණය ගැන දන්නා බව කීය. යුද්ධය නිමාවූ පසු  එසේ දුන් ආයුධ රජයේ ආරක්ෂක අංශ විසින් නැවත ලබා ගත් බවද හිස්බුල්ලා අැමතිවරයා සඳහන් කළේය. මෙම හඬ පටය සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් කරන ලෙස ආරක්ෂක ‍ලේකම්වරයාට ඉල්ලීමක්ද කර ඇත.