தமிழ்
English
Contact
Tuesday 12th September 2017    
නළ මාර්ගයට හානි වීමෙන් ප්‍රදේශ ගණනාවක ජල සැපයුම ඇනහිටී « Lanka Views | Views of the truth

නළ මාර්ගයට හානි වීමෙන් ප්‍රදේශ ගණනාවක ජල සැපයුම ඇනහිටී



කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක අද(03) අලුයම ඇතිවූ පිපිරීමක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශ ගණනාවක ජල සැපයුම ඇනහිටී ඇති බව වාර්තා වේ.

පාදුක්ක, චන්ද්‍රිකා මධ්‍යස්ථානය ආසන්නයේදී මෙලෙස නළ මාර්ගයට හානි සිදු වී ඇති අතර මේ වන විටත් නළ මාර්ගය යතාතත්වයට පත් කිරීම සඳහා ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් ඇත.

මෙම නළ මාර්ගයේ පුපුරා යාමෙන් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, රුක්මල්ගම, මත්තේගොඩ, හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩාල වී ඇති බව පැවසේ.