தமிழ்
English
Contact
Saturday 30th September 2017    
ජල ගාස්තු වැඩි වේ. « Lanka Views | Views of the truth

ජල ගාස්තු වැඩි වේ.



ඉදිරියේදී ජල ගාස්තු ඉහළ දමන බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කරන ලදි.

ඊයේ(08) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවස තිබුණි.

පළමු එකක 15 සඳහා වන ගාස්තුව සංශෝදනය නොකරන බවත් සමෘද්ධි ලාභී පවුල් සඳහා මෙම ගාස්තු වැඩි වීම අදාළ නොවන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙහිදී පවසන ලදි.

මෙලෙස ගාස්තු වැඩි කිරීම බහුතර පිරිසකට බලපාන බව නොරහසකි. ආණ්ඩුව සුභ සාධන ආර්ථික රටාවෙන් ක්‍රමාණුකූලව බැහැර වෙමින් වැඩකරන ජනතාවගේ ආදායම් මට්ටම් පිලිබඳ කිසිඳු වගවිභාගයක් නැතිව සියළු භාණ්ඩ හා සේවා වල මිලද වැඩි කිරීමටද කටයුතු කරමින් ඇත.