தமிழ்
English
Contact
Tuesday 1st May 2018    
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී අපරාධ කල්ලියක් සමග හසුවේ ! « Lanka Views | Views of the truth

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී අපරාධ කල්ලියක් සමග හසුවේ !



ඊයේ (23) දිවුලපිටියේදී වෙඩි හුවමාරුවකින් පසුව අත්අඩංගුවට ගත් අපරාධ කල්ලියක් බවට සැකකරන පිරිස අතර බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූද සිට ඇත.

දිවුලපිටිය, දූනගහ, හේන්පිටගෙදර පාසල අසළදී පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පසු ඔවුන් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ අපරාධකරුවන් පිරිසක් සැරිසරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි යන විට වෑන් රථයක ගමන් කරමින් සිටි කණ්ඩායමෙන් කිසිවකු ඔවුන්ට වෙත වෙඩි තබා ඇත. එහිදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසුව තුවාල ලැබූ එක් අයෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එසේ මියගිය පුද්ගලයා හිටපු නාවික හමුදා සෙබලෙකු බව හෙළිව තිබේ. සිදුවීමේදී වෑන් රථය නවතා අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවද ඒ අතර එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ සිටින බවද වාර්තා විය.