Posted on 12.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානී කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 28 වන ඉල්මහ විරු සමරුව ලන්ඩනයේ Wembley – Vale Farm Sports Center හිදී පසුගිය 26 වැනි දින පැවැත්වුනි.
1988-89 අරගල සමයේෙදී මිය ගියවුන් සිහිපත් කරමින් ඇරඹුනු දේශපාලන සාකච්ඡාවක් සහ විමුක්ති ගී ප්‍රසංගයක්ද පැවත්විණි. මෙම විරු සැමරුම් අවස්ථාවට ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහභාගී වීය.
වසරක් පාසා කරණු ලබන සම්ප්‍රදායික සමරු උත්සව සභා වෙනුවට අරගලයක නිරත වූ පැරණි සඟයන් දේශපාලනිකව සිහිපත් කිරීමේ අර්ථය සමාජයක් ලෙස අප නැවත නැවත කියවා බැලිය යුතු බවත් ඔවුන් මිහිදන් වූයේත් දිවි පිදුවේත් පාලකයාගේ යදමට සිරවූ සුවහසක් පීඩිත ජනයාට යහපත් සමාජයක් උරුම කරදීමේ ඒකායන පරමාර්ථයෙන්ම බව මෙහිදී පවසා සිටි චමීර කොස්වත්ත එදා අරගලය තුල උදාර අරමුණ පෙරදැරි කරගෙන තිබුණත් අරගලයේ අඩුපාඩු පිලිබඳවද දේශපාලන සාකච්චාවන්ට බඳුන් කළ යුතුව ඇතැයි කියා සිටියේය.
ඉල්මහ විරුවන්ගේ අරගලයේ අර්ථ ගැන්වීම අද වඩ වඩාත් පෙන්වාලමින් තිබෙන බවද අධිරාජ්‍යවාදීන්ගේ නව උපායන් මගින් ජනතාව තව තවත් පීඩනයට ලක් කොට ඇති වත්මන් සමාජයට අරගලයෙන් තොර යුක්තියක් සාධාරණයක් නැති බව ඔහු පෙනවා දුන්නේය. එකී අරගලකරුවන් ලාංකීය පොළොවෙහි පැළ කොට සිටි වීරත්වය නිසා ඔවුන් දිවි පිදූ වීරවරයින් හා වීරවරියන් සැමරුමටකට එහා ගිය භාවිතාවක් අද දවසේ සමාජය ඉල්ලා සිටින බව පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභිකයා එහිදී අවධාරණය කළේය. ඉල්විරුවන් පෙන්වා දුන් මග අද මෙන්ම හෙටද සමාජවාදී සමාජයක් ගොඩ නැගීම සදහා වන සැමට පන්නරයක් වන බවද චමීර කොස්වත්ත මෙහිදී සඳහන් කර සිටියේය.
