தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් කොන්දේසි විරහිතව නිදහස් කරනු! - තමිල්නාඩුවේ ශිෂ්‍ය ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් කොන්දේසි විරහිතව නිදහස් කරනු! – තමිල්නාඩුවේ ශිෂ්‍ය ව්‍යාපාරය



සයිටම් ආයතනයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවයට පොලිසිය යොදවා එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් ඉන්දිය තමිල්නාඩුවේ ‘තමිල් දේසම් ශිෂ්‍ය සංවිධානය‘ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒම ශිෂ්‍ය සංවිධානයේ සංවිධායක තමිල් නේරියන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය මෙසේය.

“ලාංකිය වෛද්‍ය ශිෂ්‍ය‍යෝ අරගලයක් අාරම්භ කළේ තම අධ්‍යාපන අයිතිය වෙනුවෙනි. අධ්‍යාපනය වාණිජකරනය කිරීමේ යෙදෙන සයිටම් අායතනයට ඔවුහු විරෝධය දක්වති. ජූනි 21 වැනිදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය ඒක්ව සිය අධ්‍යාපන අයිතින් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පාගමනකින් ගියහ. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් විරෝධය පළ කළහ. එහෙත් රජය විසින් ඔවුන්ට කෘර ප්‍රහාරයක් ඒල්ල කරන ලදී. ශිෂ්‍යයන් විසුරුවා හැරීම සදහා විශේෂ කාර්ය බලකාය හා විශේෂ පුහුණුව ලද වෙනත් මර්දක හමුදා ඒම ප්‍රහාරයට සම්බන්ධ වූහ. මෙම ප්‍රචණ්ඩ ප්‍රහාරය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 91 තුවාල ලැබූහ. තමිල් දේසම් ශිෂ්‍ය වයාපාරය මෙම අමානුෂික ප්‍රහාරය තරෙය් හෙළා දකින අතර ලංකා අාණ්ඩුවට මෙසේ බලකර සිටිමු.

  • අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් කොන්දේසි විරහිතව නිදහස් කරනු!

  • ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය අාරක්ෂා කරනු!“

තමිල් දේසම් ශිෂ්‍ය ව්‍යාපාරයේ එම නිවේදනය අවසන් කර තිබුණේ “දෙමල සිංහල ශිෂ්‍ය සමගිය දිගුකල් දිනේවා!“ යන ප්‍රාර්ථනයෙනි.




Related News