தமிழ்
English
Contact
Friday 29th September 2017    
විදේශවල ලාංකිකයන් වහලුන් ලෙස උපයන මුදලටත් ආණ්ඩුව බදු ගසයි ! « Lanka Views | Views of the truth

විදේශවල ලාංකිකයන් වහලුන් ලෙස උපයන මුදලටත් ආණ්ඩුව බදු ගසයි !



ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය මගින් විදේශගත ශ්‍රී ලංකිකයන් විසින් ශ්‍රමය කැපකොට උපයා මෙරටට එවනු ලබන අනේවාසික විදේශ මුදල්වල පොලිය මත බදු පැනවෙන බව අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මහා බැංකු අධිපතිවරයා පවසයි.

ලොවපුරා රටවල් ගණනාවක මෙරට ශ්‍රමිකයෝ විවිධ මට්ටමේ රැකියාවල නිරත වෙමින් තම ලාංකික පවුල් නඩත්තු කිරීමේ වෑයමක නිරත වෙති. විශේෂයෙන් මැදපෙරදිග වහල් සේවාවල යෙදෙන ගෘහසේවිකා කාන්තාවන් විසින් මෙරට වැඩිම විදේශ විනිමය උපයා දෙන මූලාශ්‍රයක් වී තිබේ. විදේශයන්හි සිට මෙරටට ඔවුන් උපයන මුදල් එවනු ලබන්නේ දේශීය බැංකුවල විවෘත කරන අනේවාසික ගිනුම් හරහාය. විදේශගතවන ලාංකික ශ්‍රමිකයන්ට මෙවැනි ගිණුම් විවෘත කරන ලෙස කරණ ප්‍රචාරණයේදී බැංකු මගින් විවිධ වාසි හිමිවන බව පවසයි. එහෙත් මේ නව බදු සංශෝධන හරහා ඔවුන් දුක් මහන්සියෙන් උපයා තම පවුල්වල දහසක් ආර්ථික ගැටලු විසදීමට එවන මුදලේ පොලියට බදු අය කරන තත්වයටම ආණ්ඩුව ඇද වැටී තිබේ