Posted on 10.26.2017 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
පසුගිය 23 වැනිදා තමිල්නාඩුවේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ පමව්පිය යුවළක් සිය දරුවන් සමග ගිනිතබාගෙන ඇත්තේ ණයහිමියාගේ හිරිහැර හා තර්ජන නිසා බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කුලී කම්කරුවක් වන ඉසාකි මුතු සහ බිරිය සුබ්බු ලක්ෂ්මි නමැති මෙම යුවල සිය අවුරුදු දෙකේ සහ අවුරුදු පහේ දරුවන් දෙදෙනා සමග මෙසේ සියදිවි නසාගැනීමේ උත්සාහයක යෙදී ඇත්තේ තිරුනෙල්වේලි ලේකම් කාර්යාල සංකීර්ණය ඉදිරිපිටදීය. ඔවුන් බරපතළ තුවාල ලබා මේ වනවිට තිරුනෙල්වේලි රජයේ රෝහලේ ප්‍රතිකාර ගනිමිනි සිටී.
මේ ආකාරයට දිවිනසාගැනීමට තරම් ඔවුන් පීඩාවට පත්කර ඇත්තේ තමිල්නාඩුවේ ක්‍රියාත්මකවන පීඩාකාරී ණය ක්‍රමයක් නිසා බවද එයට පොලී එකතු වෙමින් ණයගත් පුද්ගලයන්ට ගෙවීම් අවසන් නොවන තත්වයක් උද්ගතවන බවද හෙළිව තිබේ. ණය බර නිසා පසුගිය දිනක තවත් පුද්ගලයකු මෙසේ ගිනිතබා ගන්නට උත්සාහ කරද්දී පොලිසිය පහරදී ඇති බවද වාර්තා විය.
මෙම අඩු ආදායම්ලාභී පවුල විසින් ඉන්දියානු රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක් ණය ලබාගෙන ඔවුන් විසින් පොලියද ඇතුළුව දෙලක්ෂ තිස්හතර දහසක් ආපසු ගෙවා ඇති බවද හෙලිව ඇත. එහෙත් තවදුටත් ගෙවිය යුතු බවට ණයදුන් පුද්ගලයා ඔවුන්ට බලපෑම් කර තිබේ. මේ ආකාරයෙන් තවතවත් ගෙවන්නට නොහැකි තැන සහනයක් ඉල්ලා පොලිසියට හා ප්‍රාදේශීය බලධාරින්ට කළ පැමිණිලි පලක් නොවූ තැන ඔවුන් මෙම දැඩි තීරණය ගන්නට ඇති බව එම පවුලේ ඥාතින් ප්‍රකාශ කර තිබේ. ණය ගෙවීමේදී සිදුවන මෙම අසාධාරණය ගැන පොලිසියට කළ පැමිණිලි පිළිබද පරික්ෂන කරනු වෙනුවට ණය දුන් තැනැත්තාගේ උවමනාව අනුව මෙම පවුල හිරිහැරයට ලක් කිරිම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වී ඇත.
