தமிழ்
English
Contact
Wednesday 1st November 2017    
අධිවේගයට ඉඩම් අහිමිව උපවාස කළ 5 ක් රෝහලේ! « Lanka Views | Views of the truth

අධිවේගයට ඉඩම් අහිමිව උපවාස කළ 5 ක් රෝහලේ!



අධිවේගි මාර්ගය ඉදිකිරීමේදී තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත් පොරොන්දු වූ වන්දිය තවමත් හිමි වී නැති බවත් පවසමින් උපවාසයක නිරත වූ හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ පස් දෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

මෙම උපවාසයේ යෙදුණු වැඩිහිටි කාන්තාවක්ද දුර්වල තත්වයෙන් රෝහල්ගත කරන ලදී. රෝහල්ගත කරන්නට ගෙනගිය ඇතැම් අය ප්‍රකාශ කළේ පසුගිය මැතිවරණවලදී ආණ්තඩුව දිනවන්මනට කටයුතු කළ තමන්ගේ ජීවිතවලට බලපාන ප්‍රශ්න වෙනුවෙන් බලයට පැමිනි ඒ දේශපාලන නායකයන් පෙනී නොසිටින නිසා තම මරණයෙන් හෝ ඔවුන් කළ අසාධාරණය ලෝකයට හෙළිකළ යුතු බවයි.

පසුගිය දින 4ක් උපවාසයේ නිරත වූයේ හම්බන්තොට – සූරියවැව – අඩි 100 ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේදී අහිමිවූ තම නිවාස සහ ඉඩම් සදහා මෙතෙක් වන්දි මුදල් ලබා නොදීම පිළිබද විරෝධය පළ කරමිනි. මෙම උපවාසයට ප්‍රදේශවාසීන් 10 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුන්ගෙන් පස්දෙනෙකු මේ වනවිට සූරියවැව ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගනී. කෙසේ වෙතත්, විසදුම් ලබාදෙන තෙක් තමන් උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රදේශවාසීහු පවසති. ඊට අමතරව, සූරියවැව නගරයේ කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසවා විරෝධය පළ කරණ ලදී.