தமிழ்
English
Contact
Friday 3rd May 2019    
සිසු නායකයන්ට ඇප ලැබුණත් තවමත් රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිසු නායකයන්ට ඇප ලැබුණත් තවමත් රිමාන්ඩ්



පසුගිය ජුනි මස 21 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විරෝධතාවයකදී පොදු දේපල වලට රුපියල් ලක්ෂ 9කට ආසන්න අලාභහානියක් සිදු කල බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු හිමි ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු සඳහා මහාධිකරණය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය වෙත ඇප ලබා දීමට නියෝග කර තිබුණද වෙනත් නඩු හා සම්බන්ද කාරණාවන් හේතුවෙන් අද(08) දින බන්ධනාගාරයෙන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව මෙම සිදුවීමට අත්අඩංගුවට ගෙන සිටි සිසු ක්‍රියාකාරීන් පස් දෙනාගෙන් මේ වන විට ඇප මත මුදා හැර තිබුණේ එක් සිසුවෙක් පමණි.

අද(08) දින මාහාධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි රුපියල් ලක්ෂ 05 බැගින් වූ ඥාතිත්වය සහිත ශරීර ඇපයක් ඇතුළුව ශරීර ඇප 3ක් සහ රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මූදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා ඉකුත් 04 වනදා ඇප හිමිවූ ෆයිසාන් අහමඞ් සැකකරුවෙකු ලෙස ඇතුලත් කර තිබීම, එම නඩුව සඳහාම පෙර ඇප හිමිවී තිබූ දිනේෂ් මධුරංගගේ ඇප අයදුම්පතට අදාළ ලියකියවිලි අස්තානගතවීමේ ගැටළුවක් සහ අද දින ඇප හිමිවූ කැඳවුම්කරු හිමියන් මාලිගාකන්ද අධිකරණයේ සිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යන විට ප්‍රමාද වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය නොසිටීම නිසා වැලිකඩ බන්ධනාගාරය විසින් මෙම මුදාහැරිම් ප්‍රතික්ෂේප කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරගේ මහාධිකරණ ඇප අයදුම්පත හෙට(09) දින සලකා බැලීමට නියමිත වේ.