Posted on 11.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්ය උපාධිය මිල කරන සයිටම් ආයතනයට විරෝධය පළකරමින් සහ වෛද්‍ය ශිෂ්‍ය මව්පියන්ගේ උපවාසයට සහාය පළ කරමින් අද (07) දින හලාවත නගරයේ විරෝධතා පාගමනක් හා රැළියක් සංවිධානය කර තිබිණී.
මේ සයිටම් විරෝධී පාගමනට හා රැලියට හලාවත රෝහලේ වෛද්යගවරු, වෛද්යා සිසු-සිසුවියෝ හා ශිෂ්‍ය මව්පියෝ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් ද පාසල් කීපයක සිසු සිසුවියෝද එක්ව සිටියහ. එම පාගමනේදී ගෙනගිය ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ හා රාජිත අැමතිගේ රුවට සමාන මුහුණු ඇති පඹයන් තිදෙනෙකු හලාවත නගරයේ පැවති විරෝධතා රැලිය ආරම්භයේදී පුලුස්සා දමන ලදී. හලාවත නගරය තුල විශේෂ සිදුවීමක් ලෙස පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම පාගමන අවසානයේ විරෝධතාව පළ කරමින් විවිධ නියෝජිතයන් විසින් අදහස් දක්වන ලදී.
මේ අතර සයිටම් ව්රෝධී උද්ඝෝෂණවලට පාසල් ශිෂ්‍යයන්ද සම්බන්ධ වෙමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය පවසයි. දිගු කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් වෛද්ය අධ්‍යාපනයට හානිකර සයිටම් ආයතනය ආරක්ෂා කරන පිළිවෙතක සිටියදී ශිෂ්‍ය ව්‍යාපාරය තනිව ඇරඹූ සටනට පසුව වාමාංශික සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍ය නිලධාරින්, ශිෂ්‍ය දෙමාපියන් සහ මේ වනවිට පාසල් ශිෂ්‍යයන්ද එක් වී තිබේ.