Posted on 09.10.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සැප්තැම්බර් 8 වැනිදා 60වන වරටත් කොළඹ, නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවයේදී ප්‍රවීණත්වය මත ලංකාවේ ලේඛකයකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන ‘සාහිත්‍ය රත්න‘ සම්මානයෙන් පිදුම් ලැබුවේ මහාචාර්ය ආරිය රාජකරුණා, නිර්වේයි පොන්නයියන් සහ සහ ජින් අර්සනායගම් යන සාහිත්යවේදින්ය.
මෙම අවස්ථාවේදී වසරේ ප්‍රකාශිත හොදම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය කීර්ති වැලිසරගේ රචනා කළ ‘ගරුඪ මුහුර්තය‘ නව කතාවට හිමි විය. හොදම ස්වතන්ත්‍ර කෙටි කතාව ලෙස ‘මකර තොරණ‘ කෙටි කතාව රචනා කළ ප්‍රභාත් ජයසිංහට හිමි විය. හොදම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය ලෙස කුලරත්න ආරියවංශගේ ‘පිනිබර මලක් කෘතිය‘ ද ජයලත් මනෝරත්නයන් රචනා කළ ‘හඩ නිහඩ‘ කෘතිය හොදම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියද සිබිල් වෙත්තසිංහ රචනා කළ ‘අවුරුදු කෑම‘ හා තනුජා එන්. අයගම රචනා කළ ‘මගේ ගුරුතුමා‘හොදම ළමා සාහිත්‍ය කෘති ලෙසද සම්මාන හිමිකර ගන්නා ලදී.