தமிழ்
English
Contact
Tuesday 24th October 2017    
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව තවත් ඉහළ යයි « Lanka Views | Views of the truth

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව තවත් ඉහළ යයි



මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන වසර මද මූල්‍ය වාර්තාව අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2016 වසරේ මුල් මාස 04 තුළ පාඩුවට සාපේක්ෂව 2017 වසරේ එම කාලය තුළ පාඩුව 55%ක් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

එම වාර්තාවට අනුව 2016 වසරේ මුල් මාස 4හි පාඩුව රුපියල් මිලියන 6125ක් වන අතර මේ වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 9522ක් ලෙස වර්ධනය වී ඇති අතර එම කාලය දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය(ගතවූ කාලය තුල සම්පූර්ණ පාඩුව) රුපියල් බිලියන 170ක් බව දක්වා ඇත.