A+ R A-

පුවත්

 

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද දින දියත් කර ඇති වර්ජනයෙන් රජයේ රෝහල්වල සේවා කටයුතු සඳහා කිසිදු බලපෑමක් එල්ල වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප‍්‍රකාශ කළේ ප‍්‍රධාන පෙළේ සියලූම රෝහල්වල සෞඛ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. වෙනත් දිනවලට වඩා වැඩි සේවක පිරිසක් අද දිනයේ සේවයට වාර්තා කර තිබීම කැපීපෙනෙන සිද්ධියක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

විදුලි බිලට එරෙහිව අද කැඳවූ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක බව ඊට සම්බන්ධ වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව ප්‍රකාශ කළේ මේවන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.

 

altවිදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද ක‍්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක බව නිදහස් වෙළඳ කලාප පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසයි.

 

altසංකේත වැඩ වර්ජනය සාර්ථක බවත් රාජ්‍ය අංශයේද බොහෝ ස්ථානවල සේවකයින්ගේ පැමිණීම දුර්වල මට්ටමක පවතින බව ධර්මසිරි ලංකාපේලි මහතා පවසයි.

altඋතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන මේ මොහොතේ පළාත් සභාවලට අදාළ බලතල සංශෝධනය කිරීමට පියවර නොගත යුතු යැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පෙන්වා දෙති.

 

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද (21) පැවැත්වෙන වර්ජනයට සහය පළ කරමින් සහ ඒ සමඟ එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් කලාකරුවන් පිරිසක් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක නිතර විය.

 

යාපනය, වලිකාමම් ප්‍ර දේශයේ ඉඩම් අක්කර 6381ක් ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් ඊයේ (20) අභියාචනාධිකරණයේදී විභාගයට ගැණිනි.

පෙත්සම්කරුවන් 1474 දෙනෙකු විසින් ගොනුකළ මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එස්.ස්කන්ධරාජා මහතා හමුවේ විභාගයට ගැණිනි.

 

මාස එක හමාරක් තිස්සේ නොලැබුණු වැටුප් ලබා ගැනීමට බලා සිටි රට පුරා ගුරුවරුන්ට හා අනධ්‍යයන සේවකයන්ට ඊයේ දිනයේ ලබාදීමට තිබූ වැටුප ලබා නොදී ඇති බව වාර්තාවේ. ඊයේ දිනයේ ලබා දීමට නියමිතව තිබූ වැටුප අද දිනයේ ලබා දෙන බව හිටි හැටියේ පැවසීම නිසා ඔවුන් එහිදී දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

 

බම්බලපිටිය පොලිස් ස්ථානයේ රදවා සිටි රැදවියෙක් ඊයේ(20) දහවල් එම පොලිස් ස්ථානය තුළදී මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ ඔහු ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බවයි.

 

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලි බිල පෙර පැවැති තත්ත්වයට ගෙන එන ලෙස ආණ්ඩුවට බල කරමින් රාජ්‍ය, සංස්ථා හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් විසින් පවත්වනු ලබන සංකේත වැඩ වර්ජනය අද දින ක්‍රියාත්මක වෙති.

altමාතලේ සමූහ මිනීවල ගැන පරීක්ෂණ කළ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා මාරු කර යවා තිබේ. ඔහු යවා ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙසිනි.

altහෙට සේවයට වාර්තා කරන හා නොකරන සේවකයින් පිළිබඳව වාර්තාවක් ලබා දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

 

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව හෙට (21) දිනයේ පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට සමගාමීව අද (20) දිනයේ සිට ලබන 26 වනදා දක්වා දිවයිනේ සියළුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සියළුම බන්ධනාගාර වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

Page 1 of 96