Latest news
A+ R A-

විදෙස්

alt24 වන ආසියානු සමුළුව මැයි මස 10-11 යන දෙදින මියන්මාර් ජාත්‍යන්තර සමුළු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සියල්ල ‍මේ වන විට සූදානම්කර ඇතැයි වාර්තාවේ. ආසියානු සංවිධානයට මියන්මාරය 1997දී සම්බන්ධවීමෙන් පසුව එහි සභාපතිධූරය ප්‍රථම වතාවට මියන්මාරයට මෙවර හිමිවී තිබේ. 

alt1994 වසරෙන් අවසන් වු වර්ණභේදවාදී පාලනයෙන් පසු දකුණු අප්‍රිකානු මහ මැතිවරණය අද පැවැත්වෙන්නේ පස් වැනි වරටය. මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියයෑමෙන් පසුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය ද වන බැවිනි. 

හොංකොං නගරයට ආසන්න මුහුදේ දකුණු දෙසින් චීන භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී ඇත.
එහි තිබූ භාණ්ඩ සහ කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නෞකාව සමග මුහුදට බිලිව ඇති අතර එක් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බේරා ගැනීමට වෙනත් යාත‍්‍රාවක සිටි ධීවරයින් පිරිසක් සමත් වී තිබේ.
නෞකාව තුළ කාරයමණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ගමන්කර ඇති අතර මේ වන විට ඉන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇත.

altඅද උදෑසන ජපානයේ ටෝකියෝ නගරයේ දකුණු  දිග ආශ්‍රීව සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයෝ 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර නගරයේ ගොඩනැගිලිවල ජනෙල් හා වීදුරු ආශ්‍රීත ඉදිකිරීම් පුපුරා ගොස් ඇතැයි ජපානයේ එන්.එච්.කේ රූපවාහිනී සේවය වාර්තා කර ඇත. අද උදෑසන 5.18ට පමණ මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර එය රික්ටාමාපකයේ 6.0 වක් ලෙස සටහන්වී ඇතැයි වාර්තා කර ඇත. ජපානයේ පුළුල් පෙදෙසකට මෙම භමිකම්පාව කමපනය දැනී ඇතැයිද තවදුරටත් එම රූපවාහිනී සේවා වාර්තා කර ඇත. ටොකියෝ නගරයට දකුණු දෙසින් පිහිටි යිෂු ඔෂිමා දූපත ආසන්න මුහුද අභ්‍යන්තරයේ කිලෝමීටර් 160ක් ගැඹුරකින් මෙම භුමිකම්පාවේ මධ්‍ය ලකෂය සටහන්වී ඇතැයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇත. 

altයුක්රේනයේ දකුණු දිග පුදේශයේ කළුමුහුදට මුහුණලා ඇති වරාය නගරයක් වන ඔඩෙස්සාහි පසුගිය සිකුරාදා ඇතිවූ ගැටුම්වලින් දෙපාර්ශවයේ 40 කට වැඩි පිරිසික් මියගිය අතර එයින් වැඩි පිරිස රුසියානු හිතවාදීන් වන අතර තවත් සිය ගණනක් තුවල ලබා ඇත. එම සිද්ධියට සම්බන්ධ බවට සැකකරමින් අත්අඩංගුවට ගනු ලැබ සිටි රුසියානු හිතවාදීන් 60 දෙනෙකු පමණ ඊයේ නිදහස් කර හැරීමට යුක්රේන බලධාරීන්ට සිදුවිය. 

චීනයේ - ග්වංසා නගරයේ, ජනතාව විසින් තාවකාලිකව ඉදිකළ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් දස දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබූහ. පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත. කෙසේ වෙතත්, චීන රජය පාලම ඉවත් කරන ලෙස මීට පෙර දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ. 
ඊසානදිග ඇෆ්ගනිස්තානයේ බඩක්ෂාන් (Badakhshan) ප‍්‍රාන්තයේ ඊයේ (02) සිදු වූ නායයාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 350 අධික ගණනක් මියගොස් 2000කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළා. නිවාස සිය ගණනක් පස් කඳුවලට යට වී ඇති අතර මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම ආරම්භ කර ඇත. 
මේ දිනවල උතුරු හා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට අධික වර්ශාවක් ඇදහැලෙන අතර පුද්ගලයින් 150ක් පමණ දියගැලීම් හේතුවෙන් මිය ගොස් ඇත. වාර්තා වන අන්දමට මෙය ඇෆ්ගනිස්තානයේ විශාලම ස්වාභාවික අනතුරුවලින් එකකි.
  

altතුර්කියේ පුධාන වෘත්තීය සමිති හා එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉස්තාන්බූල්  අගනුවර තක්සීන් චතුරස්ශ්‍රයේ  පැවැත්වීමට ගිය ජත්‍යන්තර කම්කරු දිනය සැමරීමේ උද්ඝෝෂණයට තුර්කි පොලිසිය විසින් පහරදී ඇත. පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තාවේ. මාධ්‍ය වාර්තා දක්වන්නේ තක්සින් චතුරස්ශ්‍රය අවට පොලිස් භටයන් හතලිස්දාහක් පමණ රදවා ඇති බවයි. තුර්කි වත්මන් පාලකයන් විසින් මැයි පළමු වැනිදා තක්සින් චතුරස්ශුයේ උද්ඝෝෂණ කිරීම තහනම් කර තිබුණත් එරට ප්‍රධාන පෙලේ වෘත්තීය සමිති හා විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් එම තහනම නොතකා අද ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට කටයුතු යොදන තිබුණි.   

altදකුණු දිග ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයට ඊයේ රාත්‍රී කඩා වටුණු(Lynx Mk9)වර්ගයට අයත් හෙලිකොප්ටර්යේ ගමන් ගත් බ්‍රිතාන්‍ය සෙබළු 05 දෙනෙක් මරුමුවට පත්වී ඇතැයි වාර්තාවේ. මෙම සිද්ධිය ගැන බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් විලියම් හේග් පවසා ඇත්තේ එම හෙලිකොප්ටර්ය කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්ව ඇති බවයි. තලේබාන්වරුන්ගේ ප්‍රහාරයකින් මෙය කඩා වැටී ඇති බවට වන මතය තමන් බැහැර කරන බවද හේග් පවසා ඇත. මෙම සිද්ධි 2001 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් කරන බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළුන් මියයාම් අතරින් තෙවන විශාලතම සිද්ධිය ලෙස වාර්තා බව පව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

Page 6 of 17

පුවත්

online

We have 125 guests online

Advertisment

advertisment