ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපෑ සුළි කුණාටුව මේවන විට බංග්ලාදේශයේ දකුණු වෙරළ තීරය වෙත බලපැවැත්වෙමින් තිබේ. එහි වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.
ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපෑ සුළි කුණාටුව මේවන විට බංග්ලාදේශයේ දකුණු වෙරළ තීරය වෙත බලපැවැත්වෙමින් තිබේ. එහි වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.
පාකිස්තානු මැතිවරණයෙන් නවාස් ෂරීෆ් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් ලීගය ආණ්ඩුව පිහිටුවන බව ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ඇතැම් විට සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සිදු වනු ඇතැයිද පාකිස්තාන් වාර්තා සඳහන් කරයි. මේ අතර විපක්ෂයට පත්ව තිබෙන්නේ හිටපු ක්‍රිකට් නායකයකුද වන ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි.
මීට දින කිහිපයකට ඉහතදී බංග්ලාදේශයේ ඩකා අගනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින 17ක් තිස්සේ සිරවී සිටී කාන්තාවක් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්වී ඇතැයි වාර්තා වේ.
කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය මගින් ඉන්දියාවේ ආර්ථිකයට වාසි රැසක් අත්වන බව පවසමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම බලාගාරය සඳහා අවසර ලබා දී තිබේ. මෙම අවසරය ලබා දී ඇත්තේ ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය. බලාගාරයට යුරේනියම් පටවද්දී විකිරණ කාන්දුවක් සිදුව ඇති බවටද මීට පෙර තොරතුරු වාර්තා වූ අතර මේ වන තුරුත් බලාගාරයට එරෙහිව ඉන්දීය ජනතාව ගෙන යන විරෝධතා නතර වී නොමැත.
වසර 2015වන විට 15,000රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුකිරීමට ගී‍්‍රක පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ණයදෙන ආයතන වලින් මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කිරීමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
ඊයේ (20) චීනයේ සිචුආන් පළාතේ සිදුවූ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ අද (20) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. ටික්ටර් පරිමාණයේ ඒකක 6.6ක් ලෙස සටහන්ව ඇති මෙම භූ කම්පනයෙන් මේවන විට පුද්ගලයන් සියයකට අධික පිරිසක් මියගොස් තවත් 600කට අධික පිරිසක් තුවාළ ලබා ඇති බව වාර්තාවේ.
පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව, එරට පොලිසිය විසින් ඔහුගේ නිවස වට කර ඇතැයි වාර්තා වේ. මේ අනුව හිටපු ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත්කර ඇතැයිද පාකිස්තාන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර නිෂ්පාදනාගාරයක සිදු වූ පිපිරුමකින් පුද්ගලයින් 66 දෙනකුට තුවාල සිදුව තිබේ. තවත් විශාල පිරිසක් ගින්නට සිර වී සිටින අතර ඔවුන් බේරා ගැනීමේ හා ගින්න මැඩ පැවැත්වීමේ කටයුතුවලට ගිනි නිවන කණ්ඩායම් හා සහන සේවා කණ්ඩායම් මැදිහත්ව සිටිති.
Page 1 of 5
| News Papers | News Sites | Blogs | |||||||||