Latest news
A+ R A-

හිරු ටීවී මිහිරි සිරිතිලකට වැඳ සමාව ඉල්ලයි

E-mail Print PDF

altප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා සාපරාධී බියගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගේත් මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බවට චෝදනා ලැබ සිටි හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත්කරන්කු සහ රංගන ශිල්පීන් දෙදෙනකු ඊයේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අරමසිංහ මහතා ඉදිරිපිටි විවෘත අධිකරණයේදී මිහිරි සිරිතිලක මහතාට වැඳ ආචාර කොට සමාව ඉල්ලීමෙන්පසු සිද්ධිය සමථයකට පත් විය.

මෙම සිද්ධියේ චෝදනා ලැබ සිටියේ සෙවණ හැන්දියේ සනෝජ් ප්‍රනාන්දු, වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්‍රික් මයුරුසහ වර්ණකුලසූරියචරිත් කාංචනමාල යන තිදෙනෙකි.

කොච්චිකඩේ ප්‍රදේශයේ ඉකුත් අගෝස්තු 1 වනදා පුද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින්විකාශනය කරනු ලබන මෙගා බයිට් නමැති වැඩසටහන වෙනුවෙන් මිහිරි සිරිතිලක මහතාට මරණ තර්ජනය කරමින් බිරිඳට දුරකතනයෙන්කතාකොට කප්පම් ඉල්ලමින් හා මිහිරි සිරිතිලක මහතා මහ පාරේ දණගස්වමින් ඒ සියල්ල මෙම කණ්ඩායම රූපගතකොට ඇතැයි කොච්චිකඩේ පොලිසිය සැකකරුව්නට එරෙහිවගොනු කළ චෝදනා පත්‍රෙය් සඳහන්ය.

සිද්ධිය සමථයකට පත්වීමෙන් පසු විත්තිකරුවන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා නැවත වරක් මෙවැනි දෙයක් නොකරන ලෙස අවවාද කළේය.

Lakbima

 

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 85 guests online

Advertisment

advertisment