ජනතාවට දඩ ගසමින් උසාවි පොහොසත් නොකර ඩෙංගු මදුරුවන් මර්දනය විධිමත් පියවර ගත යුතු බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා පවසයි.
මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් මුල්ලේරියාව පොලිසිය විසින් පුද්ගලයින් පස් දෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරයා මේ බව පැවසීය.
මදුරුවන් මැඞීම සඳහා දුම් ගැසීම වැනි ක‍්‍රියාමාර්ග ගත යුතු යැයිද මහේස්ත‍්‍රාත්වරයා පෙන්වා දී තිබේ.
ඔවුන්ට රුපියල් 500බැගින් වූ දඩ නියම කර තිබේ.







