අවුරුදු 14ක දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුත‍්‍රයකු අධිකරණයට බාර වී තිබේ. අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ නිලූපුල් ජයවික‍්‍රම නමැති පියා සහ චතුර ජයවික‍්‍රම නමැති ඔහුගේ පුත‍්‍රයාය.
කෙසේ වෙතත් ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, අධිකරණයට බාර වූ පුත‍්‍රයා අවුරුදු 13ක අයකු බවත් මෙම අපරාධයට සැබවින්ම වගකිව යුත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරා බවත්ය.
අවුරුදු 13ක පාසල් සිසුවකුට දැරියක් දූෂණය කළ නොහැකි බව පෙන්වා දී අයියා බේරා ගැනීමට මල්ලී අධිකරණයට ඉදිරිපත් කරන්නට ඇතැයි එම නිලධාරීහු වැඩිදුරටත් සැක පළ කරති.







