රාවුෆ් හකීම් මහතා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
නැගෙනහිර පළාතේ ජන සංයුතිය අනුව මුස්ලිම් කොංග්‍රසයට මහ ඇමති අපේක්ෂක ධුරය අවශ්‍ය බවත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කල යුතු බවත් මුස්ලිම් කොංග්‍රසය අවධානය කරයි.
සිය ඉල්ලිම් ලබා දෙන්නේ නම් සන්ධානය සමග එක්ව තරග කිරීමටත් නොමැති නම් තනිව හෝ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව තරග කිරිමටත් මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරග කරන්නේ නම් අත්සන් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්ද මුස්ලිම් කොංග්‍රසය විසින් සකස් කර ඇතැයි වාර්තා වේ.








