සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් වැටුප් සංශෝධන ක්‍රියාත්මක කරන ලෙසත් බල කරමින් විශ්‍රාමිකයෝ අද මාරාන්තික උවාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙති.
විශ්‍රාමික සංගම් 10කින් සමන්විත විශ්‍රාමික ඒකාබද්ධ සංගමය විසින් මෙම මාරාන්තික උපවාසය පවත්වනු ලබයි.
අද පෙ.ව. 10.00ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පෙ.ව. 12.00ට මාරාන්තික උපවාසය ආරම්භ කරන බව විශ්‍රාමිකයෝ පවසති.
වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුව බොරු පොරොන්දු දෙමින් විශ්‍රාමිකයින් රවටමින් සිටින බැවින් මාරාන්තික උපවාසයකට සූදානම් වන බව ඔවුහු පවසති.








