සිම් කාඩ් පතක් ලබා දීමට බව කියමින් සියලු සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගෙන් රුපියල් 200 බැගින් කපා ගෙන තිබේ.
මෙම මුදල් කපා ගැනීම සිදු කර ඇත්තේ ඔවුන්ට නොදන්වා බවටද චෝදනා එල්ල වේ.මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසා තිබෙන්නේ, 37,000ක් වන සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් අතර මනා සන්නිවේදන පද්ධතියක් ගොඩනැගිමේ අරමුණෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි. රජයට සම්බන්ධ දුරකතන සමාගමකින් සහන පැකේජයක් ලබාදීමට පියවර ගත් බව ඔහු පවසයි.
සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් ගණන 37,000ක් බැවින් කපා ගත් මුදල ලක්ෂ 74ක් පමණ වේ.
ලංකාවේ වෙළඳ පොළේ සිම් කාඩ් පතක් අලෙවි වන්නේ රුපියල් 100ක් වැනි සිල්ලර මිලකටය. ප්‍රධාන නගරවලට දුර බැහැර ස්ථානවලදී රුපියල් 150ක් වැනි මුදලකට අලෙවි කෙරේ. සිම්කාඩ් පත් 37,000ක් එකවර මිලදී ගන්නේ නම් හා එය ජාතික ආරක්ෂාව සමග බැඳ ඇති නම් ඊට වඩා අඩු මුදලකට සිම් කාඩ් පත් ලබා ගැනීමේ ගිවිසුමකට පැමිණිය හැකි බව සෙබළු පෙන්වා දෙති.








