උතුරු පළාත් සභා මැතිවරණය 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ද හින්දු පුවත්පතට පවසා තිබේ.
එම මැතිවරණය පැවැත්වීමට පෙර උතුරේ ජන ජීවිතය ගොඩ නැගීම කෙරෙහි රජය අවධානය යෙමු කර ඇතැයි පවසන මහින්ද රාජපක්ෂ මහතා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ මැතිවරණය පැවැත්වීමට අවධානය යොමු කරන බවද පවසා ඇත.
මෙම මැතිවරණය ඉලක්ක කර ගනිමින් යළි පදිංචි කිරීමේ කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහිද ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවට අදාළව ගනු ලබන තීරණ බොහෝමයක් පසුගිය කාලයේ ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍ය වෙත පළමුව හෙළි කර තිබිණි.







