A+ R A-

අවසානයේ රුවනුත් ජනපති හමුවෙයි

E-mail Print PDF

 

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ රුවන් ‍ෆර්ඩිනැන්ඩස් මහතා ඊයේ (09) දහවල් ජනාධිපති මන්ධිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති බව වාර්තාවේ. රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ හා ශී‍්‍ර ලංකා මිරර් හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේය

.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මිරර් සහ ශ්‍රී ලංකා එක්ස් නිවුස් කාර්යාල සෝදිසි කරනු ලැබූ අතර එම වෙබ් අඩවිවලට එරෙහිව රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ඔස්සේ අවලාද ව්‍යාපාරයක්ද ගෙනයනු ලැබීය. එම තත්ත්වය යටතේ ෆර්ඩිනැන්ඩස් මහතා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව තීරණාත්මක එකක් වන්නට ඇති බව මාධ්‍ය ‍ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ. 

This content has been locked. You can no longer post any comment.