A+ R A-

අනධ්‍යයන වර්ජනය දිගටම

E-mail Print PDF

 

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පසුගිය ජුනි 06 වැනිදා සිට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යායීය වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි.

වැටුප් වැඩි කිරීම සහා වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනධ්‍යයන සේවකයින් ඇරඹූ මෙම වර්ජන ක්‍රියාමාර්ගයෙන් අනතුරුවද බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව එම සම්මේලනයේ සම සභාපති ආර්.එම්. චන්ද්‍රපාල මහතා පවසයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව මෙම ගැටලුව සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාගේ සහභාගීත්වයෙන් අද(26) දිනයේ ද තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව ආර්.එම්.චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළේය.

අවශ්‍ය පරිදි සිය ඉල්ලීම් ඉටුනොවන්නේ නම් මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද දිනය තුළ කොළඹට සියලුම වෘත්තීය නායකයින් කැඳවා ඇති බවත්, ඒ අනුව අවසන් තීරණයන්ට එළඹෙන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

This content has been locked. You can no longer post any comment.