අධිකරණයට අපහාස කළ නිසා පාකිස්ථාන අගමැති යූසුෆ් රාසා ගිලානි එම තනතුර දැරීම සඳහා සුදුසු නැති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.
මීට මාස දෙකකට පෙර මෙම චෝදනාව යටතේ අගමැති යූසුෆ් රාසා ගිලානි වරදකරු කරනු ලැබීය.
ඒ අනුව ගිලානිගෙන් හිස්වන අගමැතිධූරය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂය වන පාකිස්ථාන ජනතා පක්ෂය මේවන විට සාකච්ඡා කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. පාකිස්ථාන පාලක සභාගයේ වැඩිම බලයක් හිමිව තිබෙන්නේ පාකිස්ථාන ජනතා පක්ෂයට බැවින් වෙනත් අගමැතිවරයකු නම් කිරීම සඳහාද ඔවුනට හැකියාව තිබේ.







