A+ R A-

අමරේ ජූලි 11 තෙක් රිමාන්ඩ්

E-mail Print PDF

 

කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින ගීගනගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමැත්තා ලබන මස 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන‍ ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

2003 වසරේ සිදුකරන ලද මිනිස් ඝාතනයකට අදාළව නීතිඥයකු මාර්ගයෙන් මොහු ඊයේ දිනයේදී අධිකරණයට භාර විය.

ඔහු අද දින තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමාට මරණීය තර්ජන ඇති බැවින් රිමාන්ඩ් භාරයට පත්නොකොට බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ලබන 11වන දින දක්වා බන්ධනාගාර ගත කරන ලද සැකකරු කටුවන සිදුවීමට අදාළව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ජූනි මස 29වන දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණය විසින් නියෝග කර තිබේ. 

This content has been locked. You can no longer post any comment.