A+ R A-

මාධ්‍ය ප්‍රකාශකගේ කතාව නි.පොලිස්පති ප්‍රතික්ෂේප කළා - පුබුදු ජය‍ගොඩ

E-mail Print PDF

altජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීම වමේ පක්ෂ හා සංවිධාන හෙළා දකිති. අද කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය, සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, ප‍්‍රැක්සිස් සාමූහිකය, පීපල්ස් මාච් සංවිධානය අවධාරණය කළේ රාජපක්ෂ ආණ්ඩුවේ රැකවරණය ලබන පාතාල කල්ලියක් විසින් මෙම ඝාතන සිදු කර ඇති බවයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ වරෙන්තු තිහකට ආසන්න ගණනක් ඇතිව එහෙත් නිදහසේ සිටින පාතාල නායකයකු ඇතුළු පිරිසක් විසින් බවත් ජනාධිපති සමාව ලබා නිදහස් වූ වරප‍්‍රසාද ලත් අපරාධකරුවකුද ඒ අතර සිටි බව හඳුනා ගෙන ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මෙම වෙඩි තැබීම ජවිපෙන් ඉවත් වූ කණ්ඩායමක් විසින් කරන ලද බවට ලක්ෂ්මන් හුලුගල්ල හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසූ බවත් එහෙත් ඔහු පැවසුවේ තවමත් කිසිවක් අනාවරණය වී නැති නිසා පොලිසියට ඒ සම්බන්ධයෙන් මතයක් නොමැති බව යැයිද ඔහු අනාවරණය කළේය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට එවැනි ප‍්‍රකාශයක් කළ නොහැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී යැයිද පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම හරහා වෙනත් පක්ෂ මත මර්දනය පැතිරවීමට ආණ්ඩුවට උත්සාහ ගන්නා බව පෙන්වා දුන් පුබුදු ජයගොඩ මහතා ආණ්ඩුවත්, පොලිසියත්, රාජ්‍ය මාධ්‍යයත් එක්ව මැරයින් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බවද පැවසීය. මේ තත්වය පරාජය කිරීම සඳහා ජනතාවගේ බලයක් අවශ්‍ය යැයි ඔහු අවධාරණය කළේය.

මෙම ඝාතනය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇතැයි මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

මෙම ඝාතනය සිදු කළ මැරයින්ට දේශපාලන රැකවරණ ලබාදී ඇතැයි පැවසූ වික‍්‍රමබාහු කරුණාරත්න මහතා ඝාතකයින්ගේ නම් ගම් සහිතව පැමිණිලි කර තිබියදීත් ඔවුන් අත්අඩංගුවට නොගන්නා පොලිසිය පොලිසියක්දැයි ප‍්‍රශ්න කළේය. පොලිසිය ඉක්මවා රාජ්‍ය ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය පිටුපස ආණ්ඩුව සිටින බවට කිසිදු සැකයක් නැතැයි පීපල්ස් මාච් සංවිධානයේ වසන්ත දිසානායක මහතා පැවසීය. වෙනත් පාර්ශ්වයකින් කළා නම් මේ වන විටත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එහෙත් පොලිසිය ක‍්‍රියාත්මක නොවන්නේ මේ පිටුපස ආණ්ඩුව සිටින නිසා බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස පිහිටා ඇති ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර ඇති බවත් එම ප‍්‍රදේශයේ මේ ආකාරයට ආයුධ සන්නද්ධව සැරි සැරිය හැක්කේ සහ මහ දවාලේ ඝාතනයක් සිදු කළ හැක්කේ කාහට දැයි නව සම සමාජ පක්ෂයේ ධම්මිකා ද සිල්වා මහත්මිය ප‍්‍රශ්න කළාය.

Comments

 
+1 # Nirmal 2012-06-17 04:23
Lajjai maha raja.......
Reply | Reply with quote | Quote
 
 
+1 # bandara 2012-06-18 04:16
මට පෙනෙන හැටියට මේ පොලිස් ප්‍රකාශකයා සාමාන්‍යයෙන් ඇදුම් අදින්නෙ නැති එකෙක්. මොකද ලජ්ජාවක් කියලා එකක් ගැවිලාවත් නැති නිසා. ඒ නිසා ආයෙ මුගෙ ප්‍රවුර්ති සාකච්චා වාර්තා කරන කොට ඌ ඇදුමක් ඇදන් හිටියාද නැද්ද කියන වගත් සදහන් කරන්න
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.