A+ R A-

මුස්ලීම් කොංග්‍රසය අද තීරණාත්මක සාකච්ඡාවක

E-mail Print PDF

 

නැ‍‍ඟෙනහිර පළාත් සභා මැතිවරණය ආණ්ඩුව සමඟ එක්ව තරඟ කරනවාද එසේ නැතහොත් තනිව තරඟ කරනවාද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව පොතුවිල් ප්‍රදේශයේදී පැවැත්වේ. ඒ සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සාමාජිකයින් සහභාගී වනු ඇත.

අදාළ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය රැස්වී ඒ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය. 

This content has been locked. You can no longer post any comment.