හයිලන්ඩ් කිරිපිටි කිලෝවක මිල රුපියල් 130කින් ඉහළ දැමීමට මිල්කෝ ආයතනය පියවර ගෙන ඇත.
මේ අනුව රුපියල් 620ක්ව පැවැති හයිලන්ඩ් කිරිපිටි කිලෝවක මිල රුපියල් 750ක් දක්වාද, රුපියල් 260ක්ව පැවැති හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 310ක් දක්වාද ඉහළ ගොස් ඇත.
මෙම මිල ඉහළ දැමීම කරනු ලැබුවේ දැනට සති තුනකට පෙර බවත් කෙසේ වෙතත් වෙළෙඳපොළේ පවතින ආනයනික කිරිපිටි මිලට වඩා හයිලන්ඩ් කිරිපිටි මිල තවමත් පහළ අගයක පවතින බවත් මිල්කෝ ආයතනයේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) පැවැසීය.







