A+ R A-

ආණ්ඩුවේ බොරු දේශප්‍රේමය තේරුම් ගනිමු - අ.වි.ශි.බ.ම.

E-mail Print PDF

 

හුදු ප‍්‍රචාරකවාදී ආර්ථයෙන් දේශපේ‍්‍රමය ගැන පාරම්භාන රාජපක්‍ෂ රෙජිමය, ප‍්‍රායෝගිකව ඉන්නේ දේශද්‍රෝහී ප‍්‍රතිපත්තියකබවත් එය ආණ්ඩුවේ හැම ප‍්‍රතිසංස්කරණයක් තුළම හැම ව්‍යාපෘතියක් තුළම පේන්න තියෙන යථාර්ථයක් බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව  බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ඉවත්කර එම භූමියේ ගුවන්තොටුපළක් ඉදිකිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකශ කළේය.

එම නිවේදනයේ මේසේද දැක්වේ.

ලංකාවේ තිබෙන කෘෂි විද්‍යාල අතර ප‍්‍රධානම හා විශාලම කෘෂි විද්‍යාලය වන ‘කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය’ ඉවත්කර, ඒ භූමියේ ගුවන් තොටුපළක් ඉදිකරන්න යනවා. දැනටමත් ඉතාමත් රහසිගත ලෙස ඉඩම් මැනීම් කටයුතු සිදුකරල තිබෙනවා. මේ ගුවන් තොටුපළ සඳහා සිසුන් 300කට අධික ප‍්‍රමාණයක් ඉගෙනුම ලබන කෘෂිකර්ම විද්‍යාලය පමණක් නොවෙයි ලංකාවේ දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන ප‍්‍රධාන බීජ නිෂ්පාදන ගොවිපළක් වන කුණ්ඩසාලේ ‘බීජ නිෂ්පාදන’ ගොවිපළත්  ඉවත් කිරීමට නියමිතයි කියලයි වාර්තා වෙන්නේ.

උසස් අධ්‍යාපන අවස්ථා වැඩිකරන්න රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරන්න. විශ්වවිද්‍යාලවල ඉඩ නෑ. ඒ හින්ද පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න  ඕන කියල විලාප තියන ආණ්ඩුව ඇත්තටම තියෙන සීමිත අවස්ථා ප‍්‍රමාණයත් අහිමි කරන එකයි මේ කරන්නේ.

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වාගෙන යනවා. වසරකට සිසුන් 150කට අධික ප‍්‍රමාණයක් ඩිප්ලෝමා සහතිකපත් ලබාගෙන කෘෂි උපදේශකයන් ලෙස කෘෂි ක්ෂේත‍්‍රය තුළ රැකියා ලබනවා. එක පැත්තකින් මේ නිසා රැකියා ප‍්‍රශ්නයට උත්තරයක් ලැබෙනවා වගේම අනෙක් පැත්තෙන් කෘෂි කර්මාන්තයේ දියුණුවට කෙරෙන දායකත්වය සුළුපටු නෑ.

නමුත් ආණ්ඩුවට රටේ අධ්‍යාපනය දියුණු කිරීමේ හෝ කෘෂි ආර්ථිකය සංවර්ධනය කිරීමේ වුවමනාවක් නෑ. කිසිඳු ස්ථාවරයක් පිළිබඳ සහතිකයක් දෙන්න බැරි අස්ථාවර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන් ගුවන් තොටුපළවල් ඉදිකරන, දේශීය කෘෂි ආර්ථිකයේ මූලික පදනම් විනාශ කරනවා.

ගුවන් තොටුපළවල් ඉදිකිරීම අපි වැරදියි කියල කියන්නේ නෑ. නමුත් ඒ සඳහා ආර්ථිකයේ පදනම් වැනසීම, ස්වාභාවික සම්පත් කොල්ලකෑම කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් කමක් නෑ.

ඊනියා දේශපේ‍්‍රමයෙන් මුලා නොවී, රට පුරා සිදුවන මෙවැනි විනාශයන් පරාජය කිරීමට පෙළගැසිය යුතුයි.

This content has been locked. You can no longer post any comment.