A+ R A-

එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට අධිකරණ හතරක්

E-mail Print PDF

 

altබන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීම සඳහා විශේෂ මහාධිකරණ හතරක් පිහිටුවීම කෙරෙහි අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මෙම අධිකරණ හතර වැලිකඩ, අනුරාධපුරය, මන්නාරම සහ වව්නියාව යන ප‍්‍රදේශවල පිහිටුවීමට නියමිතය.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් 629දෙනකු දැනට ලංකාවේ විවිධ බන්ධනාගාරවල රඳවා ඇතැයි අමාත්‍යාංශය පවසයි. ඔවුන් සම්බන්ධයෙන් ඇති චෝදනා මෙම විශේෂ මහාධිකරණවල විභාග කිරීමටත් වැරදිකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් පැමිණවීමට සහ නිදහස් වන අය පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කිරීමටත් සැලසුම් කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයින් මේ වන විට වසර 15ක පමණ කාලයක් තිස්සේ කිසිදු චෝදනාවක් නැතිව බන්ධනාගාර ගතව සිටිති.

පුද්ගලයින් 629ක් බන්ධනාගාර ගතව සිටින බව අමාත්‍යාංශය පැවසුවද අත්අඩංගුවේ සිටින සියලූ දෙනාගේ නාම ලේඛනයක් ඉදිරිපත් කිරීමට මේ වන තුරුම ආණ්ඩුව පියවර ගෙන නැති අතර දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන වසර ගණනාවක සිට ඉදිරිපත් කරනු ලබන එම ඉල්ලීම ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුව මග හරිමින් සිටී.

This content has been locked. You can no longer post any comment.