A+ R A-

ධීවරයින් මුදා ගන්නැයි ඥාතීහු ඉල්ලති

E-mail Print PDF

 altලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට පත්ව ඇත. පසුගිය 7 වැනිදා මුහුදු ගිය මෙම පිරිස ගමන් ගත් යාත‍්‍රාවේ කාර්මික දෝෂයක් නිසා ඉන්දීය මුහුදු සීමාවට ගසා ගෙන ගොස් ඇතැයි පැවසේ. 

මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ තූත්තුකුඩිය ප‍්‍රදේශයේදීය. ඔවුන් ඉන්දීය පොලිසියට බාර දී ඇතැයි වාර්තා වේ.

තෝමස් ඇක්වයිනාස්, තුෂාර පෙරේරා, ප්‍රනාන්දු, මධුසංක ප්‍රනාන්දු, නිකලස් යන ධීවරයින් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

ඔවුන් වහාම නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි ධීවරයින්ගේ ඥාතීහු රජයෙන් ඉල්ලති.

This content has been locked. You can no longer post any comment.