ජවිපෙ, සමන්ත කෝරලේආරච්චිලා ට කවුදෝ කෙනෙක් මරණ තර්ජනය කරලලු! එයට එරෙහිව නඩු මඟටයන බව ද පවසා තිබේ.විදුලියේ වෘත්තිය සමිතියට දුරකථනයකින් නිර්නාමිකව කරපු මරණ තර්ජනයකට නඩුදෑම කෙසේවෙතත් සමථමණ්ඩලයට යන්නතරම්වත් නිමිත්තක් නැත. මේක කාගෙහරි කොලොප්පමක්ද කවුද දන්නෙ?
ඒත් ජවිපෙ මහත්තුරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින්ට මරණ තර්ජනය දාන්නේ මූණටමය!
පොලු මුගුරුවලින් පහරදෙන්නේ,ඔලු පලන්නේ,අත-පය බිඳින්නේ මහදවල් දෙනෝදාහක් ඉදිරිපිටදීය!
කොන්ක්‍රීට් කුට්ටිවලින් ඔලුවට ගැහුවම හෙල්මට් එක කෑලි හතරකට කැඩෙන්නේය!ඔලුවට වැදුනනම් කොහොමට හිටීද? මේවට දැමියයුත්තේ මොනවාද? නඩු ද? අවනඩු ද?
ජවිපෙ පරණ යාලුවන්ට කළින් තිබුන විලිලැජ්ජාවත් දැන් නැත!
ධනපති ආණ්ඩුවක් වෘත්තිය සමිතියකට තර්ජනය කරන එක අරුම පුදුම දෙයක්නොව සාමාන්‍යදෙයකි.
ජවිපෙ කියන විධියට ආණ්ඩුවෙන් ඒක කරානම් මේ ආණ්ඩුව වෙනත් ආණ්ඩුවලට වඩා අහිංසක ආණ්ඩුවකි!ආණ්ඩුව තර්ජනය දාන්නේ නම නොකියා ටෙලිපෝන්පෙට්ටියකිනි!
අම්මප ජේ.ආර්.උන්නැහේ අසූවෙ ජූලි වර්ජකයින්ට ඒ වගේ කොලොප්පමට බයකෙරුවෙ නැහැ නොවැ!
ඒ අතින් මහින්ද රාජපක්ෂ මහත්තය කොච්චර හොඳද!
ඊයෙ පෙරේදා කම්කරුවන්ට ධීවරයින්ට වෙඩිතබා මරාදැමූ ආණ්ඩුවෙන් නොවෙයි, ජවිපෙට සියඹලාණ්ඩුවෙන් ආපු කෝල් එකක් වෙන්නැති!
සමහරවිට ආණ්ඩුව, ජවිපෙට බයනිසා හැංගිලා කෝල් එකක් දුන්න ද කවුද දන්නෙ?
මුංට පුලුවන් මිනිස්සුන්ට තර්ජනේ-ගර්ජනේ දාන්න!මුංට තර්ජනේ දැම්මොත් ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධී රාජපක්ෂ රෙජිමය!
අම්මප මුංගෙ කතාවලට බඩපැලෙන්න හිනාවෙනවද? පපුව පැලෙනකම් අඬනවද?
ජවිපෙ අපට දමන මරණ තර්ජන ගැන ලියූ "ටිල්විංගේ මරණදඬුවම" ලිපියේදී පොරොන්දු වූ "රතු බළලුන්"ගේ කතාව ඔබට මතක ඇතැයි සිතමි.
මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රටපුරා අණසක පැතිරවූ පාතාල නායකයෙක් සිටියේය.මෑතදී පොලිස් වෙඩි පහරකින් ඔහු මියගියේ සුපුරුදු ආයුධ පෙන්වීමේ නාටකය රඟදැක්වීමේදීය.
ඔහු භීෂණසමයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. එකල ඔහු පාතාල නායකයකු නොව හිත හොඳ, උදාර පරමාර්ථ සහිත, ජව සම්පන්න තරුණයෙකි. ජවිපෙට ඇවිත් පාතාලයට පල්ලම් බැහීමට සිදුවූ මේ හිතහොඳ මිනිහාගේ කතාව විවිධ පුවත්පත්වල පළවූ බවද ඔබට මතකඇතැයි සිතමි.
අපේ කතා නායකයා පාතාලයකු වීමට පෙළඹවීමේ උත්තේජනය ලැබුනේ ජවිපෙ දෙවෙනි සන්නද්ධ අරගලයයි.
ධනපති දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයකුවීම නිසා යම් පුද්ගලයෙක් පාතාලයකු වීමේ ඉඩකඩක් තිබියහැකි වුවද ජවිපෙ නිසා එවැන්නෙක් බිහිවීම එක්වරම තේරුම් ගැනීමට අපහසුය. එහෙත් ඇත්ත එයයි.
ධනපති දේශපාලන පක්ෂ විසින් කුලියට ගන්නේ ඔවුන් ගේ පාලනය යටතේ පවතින මේ දුෂ්ඨ සමාජක්‍රමය විසින් නිර්මාණය කරනලද පාතාලය බවද අපි දනිමු.
කෙසේ හෝ ජවිපෙ, අනූහතරේ ප්‍රජාතන්ත්‍රවාදයට එනවිට අපේ කතානායකයා පාතාල ලෝකය තුළ බොහෝ දුරගමනක් ගිහින්ය. එය ආපසු හැරවීමට ජවිපෙ ට තියා සදෙව් ලොවටම අධිපති සක් දෙවිඳුටවත් බැරිය.
ක්‍රමයේ වරදින් නොමග ගිය එකී මියගිය ප්‍රබලයා ගේ පවුලේ පිරිස හා හිටපු සහචරයන් ගේ කිසිදු වචනයක හෝ අනුග්‍රහයකින් තොරව අද නිල ජවිපෙ විසින් ඔවුහු "කොස්ඇට බාන බළලුන්" බවට සූක්ෂ්මව හා උපායශීලීව යොදාගනිමින් සිටිති.
අලුත් ජවිපෙට එල්ලකරන මැරප්‍රහාර හා මරණ තර්ජන,"නයියලාගේ හා අපේ වැඩ" යැයි සමාජයට ඇඟවෙන පරිදි නිල ජවිපෙ "බොරු චණ්ඩි මල්ලිලා" මේ පහත් වැඩේ ජයටම කරති.
ටිල්විංගේ මරණ තර්ජන ගැන කියනවිට
සකෝ බල ලෝ! නොකියා
සකෝ බළලෝ! කිව්වේ එබැවිනි.
සහසක් දිවැස් ඇති සදෙව් ලොවටම අධිපති සක්දෙවිඳුගේ අවධානය යොමුවිය යුත්තේ මේ මියගිය ප්‍රබලයා දෙස නොව ඉතිරිවූ ඔහුගේ සහචරයන් වෙතය. කොස් ඇට බාන බළලුන් දෙසය.
බළලුන් ලවා කොස්ඇට බාන්නේ ටිල්විං මල්ලිලාය.
මෙහි මූලිකයා ජවිපෙ හම්බන්තොට දිසා කමිටුවේ වර්තමාන සාමාජිකයෙක් ය.ඔහු චන්දික හෙවත් බෙලිඅත්තේ වලවෙල චණ්ඩි මල්ලී නමැත්තාය. පුංචිකාලෙ ගෙදර හුරතලේට කිව්වේ චණ්ඩි පුතාය. කරපු කිසිම චණ්ඩිකමක් පොලිස් පොතක තියා ගමේ රාළහාමිගෙ පොතේවත් ලියැවී නැත. මොහුට ඉහත කී පාතාලයට වැටුණු හිතහොඳ මිනිසාට නෑ කම්,යාලුකම් තිබුණි. පළමුකී ඇත්ත චණ්ඩි සමඟ ජවිපෙ මෙකී බොරු චණ්ඩියා එකට ගමන් බිමන් යනු ගමේ-රටේ මිනිස්සු දැක තිබුණි. කනු-බොනු;එනු-යනු දැක තිබුණි. නිල ජවිපෙ අද සිදුකරන මැරක්‍රියා "නයියලාගේ හා අපේ වැඩ" බව ගමට,රටට ඇඟවීමේ ජවිපෙ චණ්ඩින්ගේ සාස්තරයේ ඉතිරි ටික ඔබට හිතාගත හැක!
ජවිපෙ තුළ වූ මෙවැනි සංවිධානයක් නියෝජනයට අත්‍යවශ්‍ය සුදුසුකම් නොමැති මේ පුද්ගලයා කටුස්සාගේ කරේ රත්‍රං බැන්දාවගේ හැසිරෙයි. මිනිහා පක්ෂයේ ලොක්කන්ගෙන් එක දාගන්න බාල චණ්ඩිකම් ප්‍රදර්ශනය කරයි. ලොක්කන් විසින් මිනිහාගේ දුර්වල තැනින් අල්ලාගෙන සිටින නිසා මිනිහා ඉබේම නැටවෙයි.
හම්බන්තොට අලුත් ජවිපෙ කිසිවකුට හෝ අනතුරක් වුනොත් පළමු වගඋත්තරකරු මොහු බව ඉතා වගකීමෙන් පවසමි.
නිහාල් ගලප්පත්තිගේ කැබ් රථයෙන් ලුහුබැඳවිත් මෝටර් සයිකලයට හරස්කර මිරිජ්ජවිලදී අනතුරක් සිදුකළේ මෙකී දිසාකමිටු සාමාජිකයාය. එහිදී අලුත් ජවිපෙ තරුණයාගේ අත බිඳුනි. අක්ෂි ආබාධයකින් පෙළෙන මෙම අලුත් ජවිපෙ තරුණයාගේ උපැස්යුවළ ගලවා තිරිසන් ලෙස පහරදුන්නේ මොහු ප්‍රධාන ජවිපෙ චණ්ඩින්ය.
අනෙකුත් සියලු පහරදීම් වලදී විසිල් ගහමින් අණ දෙන්නේ මොහුය. හම්බන්තොට යූඇන්පී-ශ්‍රීලංකා මැරයන්ගෙන් හැමදාම ගුටිකෑව මදිවට කොළඹින් ආපු චන්දන කත්‍රිආරච්චිලාද තිස්සදී මුන්ට තඩිබෑ නමුත් ඒ එකෙකුටවත් රිටර්න් එකක් දුන්නේ නැති මේ චණ්ඩිලා අලුත් ජවිපෙ අහිංසකයන්ට විසිල් ගහමින් තඩිබාති! ධනපති පක්ෂදෙකේ මැරයන්ගෙන් ගුටිකකා දුවපු මේ ජවිපෙ පුද්ගලයෝ සිදුකරන මෙකී මැරකම් , හම්බන්තොට ධනපති පක්ෂවල බිම් මට්ටමේ නියෝජිතයින්ට හෝ පොදු ජනයාට හෝ එතරම් වැදගත් මාතෘකාවක් නොවේ.
පහරදීමේ සිද්ධියක් ඇසූ-දුටු සැනින් පොදුජනයා ජවිපෙට දොස්නගන නමුත් ජනයාගේ අවසාන විග්‍රහය ලෙස
"උංට දෙයියන්ගෙ හාල් කැවිල"උං උං මරාගන්නවා" යැයි කියමින් මිනිස්සු තම තමන්ගේ වැඩ බලාගනිති.
පොලීසියද මේ පහරදීම් ගණන්නොගන්නේ ආණ්ඩුවේ උවමනාව නිසා වගේම පොලීසියෙ මහත්තුරුන්ට ද ඒ ගැන
කිසිම වුවමනාවක් නැති නිසාය. එනිසා පළමු පාඩුව සිදුවෙන්නේ මැරෙණ;ආබාධිතවන පුද්ගලයාට හා ඒ පුද්ගලයාගේ පවුලේ මිනිස්සුන්ටය. දෙවන පාඩුව සිදුවෙන්නේ ඒ පුද්ගලයා නියෝජනය කරන ජවිපෙ කොටස් දෙකෙන් එකකටය.
මේවා ගැන අජිත් කුමාර සහෝදරයා මන්ත්‍රී වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුව, පොලිස්පති හා තානාපති අංශ දැනුවත් කළයුතුයැයි යෝජනා කරමි. නීතීඥයෙක් ලෙස සිදුකළහැකි මැදිහත්වීම්ද කළයුතුයැයි ද යෝජනා කරමි. ආණ්ඩුවේ මර්දනය ගැන ගිරියකඩාගෙන දඟලන ජවිපෙ නායකයන්ගේ මැරකම් ගැන ජාතිකව හා අන්තර්ජාතිකව ද හෙළිදරව් කළයුතුය. එහෙම නැතුව මම හෝ අපේ එකෙක් හෝ මැරුණට පස්සෙ බැනර් ගහල කතාපවත්වන්නට හම්බන්තොටට නොපැමිණෙන ලෙසද අලුත් ජවිපෙට ඉතා අනාදරයෙන් මතක්කර සිටිමි.(මේවන විට පොලිස්පතිතුමාට එවැනි පැමිණිල්ලක් සිදුකර ඇතිබව වාර්තාවේ.)
ජවිපෙ දෙපිරිස අතර තවමත් ඇනකොටාගැනීමක් ඇරඹී නැත. පිරිසක් පහරදෙති. අනිත් පිරිස ගුටිකති!
දිය බොර වෙලා නැත! බොරදියේ මාලු බෑමට නොහැකිවී ඇත.
ඒනිසා අතරමැද ඉඳිමින් ඇහැගහගෙන සිටින සතුරු පිරිසට මේ දෙගොල්ල කෙටවීම සඳහා උපායශීලී ප්‍රහාරයක් එල්ලකිරීම තවම අපහසුය. බළල්ලු දෙන්නෙක් එකිනෙකා පොරකෑමෙන් කා ගෙන, කා ගෙන ගිහින් දෙන්නාගේ වලිගදෙක හෙවත් නැටි දෙක පමණක් ඉතිරිවුනා වගේ මේ ගැටුම ත් මහා විනාශයකින් කෙළවරකරන කුමන්ත්‍රණ දැනට පවතින නිහඬකම තුළ සකස්වෙමින් තිබියහැක.
අලුත් ජවිපෙ විසින් නිල ජවිපෙට ප්‍රතිප්‍රහාර එල්ලනොකරත් ළඟ එන කුමන හෝ මැතිවරණයකදී දිය බොරවීම නොවැළැක්විය හැක. මොකා කෙලල දැම්මද කියා ස්ථිරව දැනගන්නා විට පෙරහැර ගිහිල්ලාය. ඒකට චෝදනාවට ලක්වෙන්නේ අලුත් ජවිපෙ ය. ආයුධත් සමග අලුත් ජවිපෙ කවුරු හෝ අහිංසකයකු අත්අඩංගුවට පත්වී ඔක්කොම කණපිට පෙරළිය හැක. පැරණි ජවිපෙට වටිනා ජීවිතයක් අහිමිවිය හැක. සෙල්ලම්, ලෙල්ලම් වෙන්නේ සුටුස්ගාලාය.
එකම පක්ෂයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා මේ සිදුවන පොලු මුගුරුවලින් පහරදීමේ ක්‍රියාව ට තමන්ගේ අනුහස උපායෙන් යොදාගැනීම තේරුම්ගැනීමට මෙම මියගිය ප්‍රබලයාගේ පවුලේ කිසිවෙක් තවම හරිහැටි සමත්වී නැත.
මේ පහරදීම් දෙස විමසුම් ඇසින් සිටින කණ්ඩායම් කීපයකි.ඉන් ප්‍රධානවන්නේ කළින් සඳහන්කළ මියගිය ප්‍රබලයාගේ පෞද්ගලික සතුරෝය. ආණ්ඩුවේ හයිකාරයන්ගේ හයිය තියෙන එම සතුරු පාතාල කල්ලියට මෙය හොඳ අවස්ථාවක් වියහැක!
තවත් අනතුරක් මෙසේය;
අද අලුත් ජවිපෙට ප්‍රසිද්ධියේ පහරදීමට පැමිණෙන නිලජවිපෙ බොහෝ පුද්ගලයන් භීෂණ සමයේ විවිධ චෝදනාවලට ලක්වූ හා ඒවාට සැකයට පාත්‍රවූ පුද්ගලයෝ වෙති. එදා පෞද්ගලික අරමුණකින් නොව දේශපාලනික අරමුණකින් කරන ලද ක්‍රියාවුවද නොවැළැක්විය හැකිලෙස ඒවාට ගමේ-රටේ පෞද්ගලික සතුරෝ පිරිසක් ජවිපෙ ක්‍රියාකාරීන්ට එරෙහිව නිර්මාණය වූහ. ඒ හතුරු පිරිසද ඇඟිලි ගනිමින් ඉන්නේ ඒ ගනු-දෙනු බේරාගැනීමට සුදුසු කාල වේලාව එනතෙක්ය. මේ ගැහිලි වැඩ,මැරිලි කතා භයානක වෙන්නේ එනිසාය. දෙගොල්ලටම එරෙහි අලුයට ගිනි තිබෙනබව දෙගොල්ලම සිහියට ගතයුතුය. හැම මඟුලම ආණ්ඩුවේ මර්දනය යැයි කියන්නට බලන් ඉන්නේ නැතිව මේවා ගොඩින් බේරාගන්න කවුරු කවුරුත් උනන්දුවුනොත් හොඳය.
මෙන්න තවත් අනතුරක්;
නිල ජවිපෙන් ගුටිකන අලුත් ජවිපෙ බොහෝ තරුණයින් සමාජමය වශයෙන් බලපුලුවන්කාරයෝ නොවෙති. ඔවුන්ගේ සමහරකුගේ දෙමාපියන් ඉතාම සාමකාමී අහිංසක මිනිස්සුවෙති. කිසිවකුට කරදරයක් නැතිව දුකසේ ජීවත්වන්නෝය. එබැවින් මේ කොල්ලන්ට තඩිබානව ඇහැට දැක්කොත් ඒක වළක්වනවා මිසක ඉන්පසු උන්ට ගැහුවේ මොකාද යැයි විමසමින් නැගීසිටින පිරිස් බලයක් ඔවුන්ට නැත. මේ අහිංසකකම හොඳින්ම දන්නා නිල ජවිපෙ බොරු චණ්ඩි වැඩිය උඩපනින්නෙත් ඒ නිසාය.
භයානක තැන මෙන්න;
අහිංසක මිනිහකුට එලව එලවා ගහන එක මිනිස්සු ඉවසන්නේ නැත.
මේ ගුටිකන කොල්ලන් අහිංසකයන් වුනාට අහසින් වැටුණ මිනිසුන් නොවන නිසා මහලොකු පිරිස්බලයක් ඔවුන්ට නැතත් උන්ටත් හිතවත් මොකෙක් හරි එකෙක් දෙන්නෙක් සිටිති. සමහරවිට හමුදාවෙන් පැනපු යාලුවෙක් මිත්‍රයෙක් නෑ හිතවතෙක් සිටිය හැක. යාලුකමට, නෑ කමට, ලේ රත්වෙලා එවැන්නෙක් ඔය නිලජවිපෙ චණ්ඩියකුට කෙලල දැම්මොත් මොකද වෙන්නෙ?
මේවා සුපිරිංකෝට් යනවැඩ පමණක් නොව මුලුමහත් දේශපාලන වැඩකටයුතු අවුල් ජාලයක් බවට පත්වන සිදුවීම්
බවට පත්නොවිය හැකිද?ඒනිසා කවුරු කවුරුත් දුර-දිග බැලිය යුතුය.
පාතාල නායකයකු බවට පත්වූ අපේ කතානායකයා දෙසට හැරෙමු;
ඉහතකී හිතහොඳ මිනිහා මියයන තෙක්ම ජවිපෙට ඉමහත් ආදරයක් ගෞරවයක් දැක්වූ පුද්ගලයෙකි. ඔහු තුළ මිනිසුන් දෙදෙනෙක් ජීවත්විය.
ජේවීපීයට ලැදි හොඳ හිතවතෙක්! දරුණු පාතාල නායකයෙක්!
ඔහු ජවිපෙ වෙනුවෙන් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ පෙනී නොසිටියේය. එහෙත් ජවිපෙ දේශපාලනයට එරෙහිව කොතැනක හෝ මැර බලයක් ක්‍රියාත්මකවූ පළමු මොහෙතේම ඔහු ගේ එක දැනුම්දීමකින් ඒ සියල්ල සමථයකට පත්වෙයි. ජවිපෙ විසින් එවැනි සහායක් ඔහුගෙන් ඉල්ලා නොසිටියත් ඔහු ඔහුගේ යුතුකම අප්‍රකටව ඉටුකරනැවත භූගතවෙයි."හිරේ" හිටියත් "එළියෙ" හිටියත් ඔහුගේ පණිවුඩයට සියලු කෙරුමෝ අවනතය.
ඔහු සමාජයට බොහෝ වැරදිකළ බව ඇත්තකි.
සමාජය තුළ තමා වැටුන වලෙන් ගොඩට පැමිණිය නොහැකි බව ; තමා පැටලුණ පඹගාලෙන් මිදීමට නොහැකි බව දැනසිටි ඔහු තමාට කළහැකි එකම මෙහෙය ඒ සීමාවේ රැඳෙමින් පක්ෂයේ අනුදැනුමකින් තොරව පක්ෂයට ඉටුකළ බව ඔහුට ගෞරවයක් ලෙස සටහන් කළයුතුය.
ජවිපෙට මේ ආකාරයටම උපකාරකළ බොහෝ පිරිසක් ආරක්ෂක අංශවල ඉහළ-පහළ හැමතැනකම සිටි බව මේ හා සමාන සිදුවීමකි .
විවිධ ක්ෂේත්‍රවල බලවතුන් ජවිපෙට උපකාරකළේ තම අනන්‍යතාව සඟවාගෙන බව නොරහසක් මෙන්ම එයට හේතු ද හැමෝම දනිති.
ධනපති නායකයන් ළඟ සිටි ඇතැම් පාතාල සාමාජිකයෝද ජවිපෙ නොදැනුවත්ව ජවිපෙ ට,මෙවැනිම උපකාර කළහ. පාතාලයන් ලෙස නොඉපදුන මේ මිනිසුන්ට මහා දේශපාලනයක් නොතේරුනාට හෘදය සාක්ෂියක් තිබීම එවැනි ප්‍රතිචාරයකට හේතුවූවා වියහැක .
කෙටියෙන්ම කියතොත් ජවිපෙට රහස් ඡන්දය දෙන බහුතරයම තම අනන්‍යතාව ජවිපෙටවත් හෙළි නොකරති. ධනපති දේශපාලන පක්ෂ, තමන්ට ඡන්දය දෙන සියලුදෙනාම පාහේ පෞද්ගලිකව හඳුනන නමුත් ජවිපෙ විසින් තම ඡන්දදායකයා පෞද්ගලිකව හඳුනන්නේ නැතිතරම්ය!
ඒ නිසා මේ කරුණු දැක්වීම අනුව ජවිපෙ විසින් පාතාලයෙන් උපකාර ලබාගත්තේ යැයි වැරදි අදහසකට එළඹියයුතු නැති බව විශේෂයෙන් අවධාරණය කරමි.
ජවිපෙ සාමාජිකයින්ගේ හා හිතවතුන්ගේ පෞද්ගලික ආරවුල් ඔහු විසින් විසඳුවේ "අසවලාට අත තියන්න එපා;තියෙන ගැටලුවක් නීතියෙන් හෝ ගොඩින් බේරගනිල්ලා" යැයි පණිවුඩයක් එවීමෙනි. මේ නිසා ජවිපෙ බොහෝ පිරිසකගේ පණ රැකුණහ.
කොහොමින් හරි අවසානයේ, ඔහුට ඔහුගේම පණ රැකගන්නට බැරිවී අසරණවෙමින් පසුබසින විට පිළිසරණ පතන්නට සිදුවූයේ ආණ්ඩුවේ ලේම ලේ ඥාති දේශපාලන බලවතකුගෙනි. ඒ මහා දේශපාලන බලවතුන්මහා උත්සාහයක් දැරුවත් ඔහුගේ ජීවිතය බේරාදීමට ඒ මහා බලවතුන්ටද නොහැකිවිය!
රෝහල් මෝචරියේ තිබෙන තම පියාගේ මළසිරුර අසලින් ඉවත්ව පිටතටගිය මියගිය පාතාල නායකයාගේ යෞවන වයසේ සිටි පුතාට, අවිදැරූ ආරක්ෂක නිළධාරියෙක් හැඟීම්බරව අපූරු කතාවක් කීවේය.
"ඔයාගෙ තාත්ත කරපුදේවල් වලට තාත්තට මේ වුනදේ දැකල තේරුම් අරගෙන ඔයා හොඳ මාර්ගයේ යන්න..හොඳට ඉගෙන ගන්න..අපිට වෛර කරන්න එපා..ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන එක තමයි අපේ රස්සාව;කොහොම වුනත් ඔයාගෙ තාත්ත ජේවීපී කාරයෙක්වෙලා නොහිටියනම් මේ මරණය මෙච්චර ඉක්මනට වෙන්නෙ නෑ.."
අප මේවා තේරුම් ගතයුත්තේ කෙසේද?
එකී මියගිය පුද්ගලයා ගේ පිහිටෙන් මැරුම්නොකා බේරුණු බොහෝ ජවිපෙ හිතවතුන් ඔහු අත්අඩංගුවට පත්වූ මොහෙතේ ඔහුට කළහැකි උපකාරයක් නැතිව පසුතැවෙනවිට හම්බන්තොට නිල ජවිපෙ නායකයෝ ජවිපෙ හිතවතුන්ට අනතුරු ඇඟවූහ.
" සහෝදරය ,ඔයා පාතාලෙ මිනිස්සු වෙනුවෙන් මැදිහත්වෙන්න යන්න එපා..ඔයාට මොකක්ද ඒ පුද්ගලය එක්ක තිබුණ සම්බන්ධය..."? වැනි විමසීම් හා පසුබටකිරීම් ඒ අතර විය.
දේශපාලනිකව එහි වරදක් නැතැයි සිතමු!
එහෙත් දැන් නැවතත් ඒ පාතාලයේ බලය ඔවුනට හොරාම මතවාදී අරගලයක යෙදුණ පක්ෂයේම සහෝදරවරුන්ට එරෙහිව නිලජවිපෙ විසින් යොදාගැනීම කුමන අයුරකින් හෝ සාධාරණීකරණය කළ හැකිද? කුමන සදාචාරයකට අයත්ද?
මියගිය ප්‍රබලයාගේ පවුලේ පිරිස හා ඒ බලපරාක්‍රමයේ ශේෂවූ අනුහස හිමි පුද්ගලයෝ තීන්දු කළයුත්තේ තමුන් තව දුරටත් ජවිපෙට "කොස්ඇට බාන බළලුන්" වෙනවාද?
මධ්‍යස්ථව සිටින බව පවසිමින් නිල ලාංඡනය සහිත ජවිපෙට රහසේ අනුග්‍රහය දක්වනවා ද?
ඇත්තටම මධ්‍යස්ථව සිටිනවාද?
නැතිනම් මැදිහත්විය හැකි උපරිමයෙන් මැදිහත්වී විශාල පිරිසක් බරපතල අනතුරකට පත්කරන මේ මැරප්‍රහාර නතරකිරීමට අවශ්‍ය බලපෑම කරනවාද?
මේ අහිංසක කොල්ලන්ට නිල ජවිපෙ එල්ලකරන ප්‍රහාර නතරකර උන්ට උන්ගේ දේශපාලනය නිදහසේ කරන්න ඉඩදෙනවාද යන්නය.
මේ කටයුත්ත සාමයේ දිසාවට හැරවීමේ බලපෑම කරනලෙස සියලුදෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.







Comments
JVPගහන එකට වලවෙ ල චන්ඩිට යටින් උදව්කරන්න ප්‍රි යන්ත අයිය එක්ක හිටිය කට්ටකඩුවේපොඩී ගත්මිද්දෙනිපොඩී ත් ඔයගහන උදව්වට ඇති.ප්‍රියන්ත අයිය අන්තිමකාලෙjvpඑක ට පොඩීලට බැනබැන හිටියේ.jvp කේස්වැටුනම ප්‍ර ියන්ත අයිය බැලුවෙනෑ jvpට ගැහුව ෙ හැමෝමඒකයි
WHAT WOULD HAPPEN TO JA.NI.PE.?