A+ R A-

සමරිසිගේ වම්ඉවුර

E-mail Print PDF

මිනිස් ශුක්‍රාණුවක්, මිනිස්  ඩිම්බයක් සමඟ සංසේචනයෙන් හටගන්නා යුක්තාණුව, විකසනය හා වර්ධනයෙන් මිනිස් කලලයක් වී අවසානයේ මිනිස් ප්‍රාණියෙක් බිහිවෙන විද්‍යාත්මක සත්‍යය, පළමුවරට පාසලකදී නොව ඈත අතීතයේ විජේවීර සමයේදී ජවිපෙ අධ්‍යාපන සාකච්ඡාවකදී උගත්තෙමි.

 

පනස් ගණන්වලදී, යලට-මහට ඉස්කෝලෙ යමින්ද; මහට-යලට මහපොළව සමඟ පොරබඳිමින්ද  අටේ කැලෑසියෙන් සියලු ශිල්පශාස්ත්‍ර හදාරා අවසන්කළ මට මේ ශුක්‍රාණු -ඩිම්බ කතාව තරමක කුතුහලයක් හා තව තවත් විද්‍යාව දැනගැනීමේ උද්‍යෝගයක් ජනිත කරන ලදී.

කොහොම නමුත් ඒ වනවිට මගේ ලොකු එකා මාස තුනක හුරතලෙක් බවද ශුක්‍රාණුවට ගෞරවයක් ලෙස සටහන් කළයුතුය.

 

බල්ලෙකුගේ හෝ හරකෙකුගේ හෝ ශුක්‍රාණුවකින් මිනිස් ඩිම්බයක් සංසේචනය නොවියහැකිද? යන ගොං පැනය මගේ පාලනයක් නැති කටින්  එක පාරටම පිටවුනේ ඒ විද්‍යා උද්‍යෝගේ වැඩිකමට මිස මගේ උපන්ගෙයි දෝසයනිසා නොවේය.

සභාවේ සිනා හටගතයුතු වුවද කිසිවෙක් හිනාවුනේ ද නැත.ඒ ජවිපෙ සංස්කෘතියේ හැටිය.සාකච්ඡාව මෙහෙයවූ සහෝදරයා ලංකා ගුරුසංගමයෙන් පැමිණි වෘත්තියෙන් විද්‍යා ගුරුවරයෙක්වූ නිසා "ජීවයේ සම්භවය" ඇතුලු බොහෝ දේ පෞද්ගලිකව මට අවබෝධකර දුන් අතර, ඒ ගුරුතුමා මහා භීෂණයේදී මටත් රටටත් අහිමි වූ බව ද කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

 

මිනිස් ඩිම්බයක් බල්ලෙකුගේ ශුක්‍රාණුවකින් සංසේචනය නොවේලු!

එහෙම කියන්නේ විද්‍යාඥයෝය. එසේම මිනිස් ශුක්‍රාණුවකින් බලු ඩිම්බයක් ද සංසේචනය නොවේ.

වැරදිලා හරි එහෙම වුනොත් ඉපදෙන එකා "බැල්ලිගෙ පුතෙක්" යැයි හැඳින්වීමේ පාපයට අකමැත්තෙන් වුවද ගොදුරුවීමට සිදුවේ.

මගේ මේ කියමනට ඒ මියගිය ගුරුතුමා එදා හිනාවුනත් ඒ හිනාවේ තිබුනේ මගේ කටකැඩිච්ච කතාවට අනුබල දීමක් නම් නොවේ.

 

ගුරු ගෞරවය නොසලකා මා මූසිලයෙකු වීමට පොළඹවන  කතාවක් අද  පුවත්පතක පළ වී ඇත.

 

"ඕස්ට්‍රේලියානු විප්ලවවාදියාගේ ජවනිකාව" යනුවෙන් සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් 2012-04-30සඳුදා "දිවයින"පුවත්පතට මෙසේ ලියා ඇත.

...."මෙකී ජවනිකාවෙන් ගුණරත්නම්ට සිදුවී ඇති හානිය එසේ මෙසේ නොවෙයි. අවුරුදු 24ක්‌ පමණ සැඟවී සිටි ඔහු ගොඩනඟාගත් මුළු ප්‍රතිරූපයම පැය 24කින් විනාශ වී ගියේය. විජේවීර හෝ ප්‍රභාකරන්වත් අවුරුදු 24ක්‌ සැඟවී සිටියේ නැත. ගුණරත්නම් අවුරුදු 24ක්‌ සැඟවී සිට ජනතාව ඉදිරියට පැමිණ කළ පළමු කතාවෙන්ම ඔහු කියා සිටියේ තමන් අත්අඩංගුවේ සිටියදී තමාට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ කරන ලද බවයි. මෙවැනි දෙයක්‌ ඇත්තටම සිදුවූවත් ලංකාවේ කිසිම දේශපාලන නායකයෙක්‌ තමන්ට එවැන්නක්‌ සිදුවූ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. මේ රටේ ජනතාව සොයන්නේ රටටම ආරක්‍ෂාව සැපයිය හැකි නායකයෙක්‌ මිස තමන්ගේම පස්‌ස පැත්තවත් ආරක්‍ෂා කරගත නොහැකි නායකයින් නොවන නිසාය. මමද අවුරුදු 30ක්‌ කැරලි කෝලාහල හා යුද්ධ 2ක්‌ ගැන පොත් ලියා තිබියදී ලංකාවේ ආරක්‍ෂක හමුදාවල උදවිය විසින් සැකකරුවකුට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ කළා යෑයි ඇසුවේ පළමු වතාවටය. මේ ලිංගික අතවරයක්‌ ගැන කියන කතාව ලංකාව තුළ ඔහුගේ දේශපාලන අනාගතය රැකගැනීමට කී කතාවක්‌ නොව ඔහුගේ ඕස්‌ට්‍රේලියානු පුරවැසිභාවය රැක ගැනීමට කී කතාවක්‌ බව මගේ මතයයි."....

 

සංසේචනය සම්බන්ධ නිගමන පළකළ ජීව විද්‍යාඥයින්ට වැරදී ඇති බව මෙය කියවූ මට ඉර හඳ වගේ ස්ථිර විය!!!

 

කොලපාට, නිල්පාට කලවම් වුනාම හැදෙන "කැත කොලපාට" අසූචි තවරාගත් සූකරයන්ගේ අවලාදවලට කුපිත නොවී නොඇසූකන්ව ජනඅරගලය නොහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  සහෝදරවරු අරමුණ කරා හිත -ගත මෙහෙයවති.ඔවුහු මේවාට උත්තර නොබැඳීම ඒ අනුව නිවැරදිය. 2012-අප්‍රේල්-22 "ජනරළ" පුවත්පතේ මේ "ලිංගික අතවර" කතාව විග්‍රහකොට තිබුණි.

එමෙන්ම මේ සියලුදේට අදාළ පැහැදිලි කිරීම් ඉදිරිපත්කර තිබෙන නිසා හෝද හෝදා මඩේ දාන වැඩවලට දායක නොවි සිටීමත් හරිය.

 

එහෙත් මම එහෙම හික්මුණු අයෙක් නොවෙමි. ඒ නිසා මේ අදහස් මගේ මිසක වෙනකාගෙවත් නොවේය.

 

ලිංගික අතවර සිදුකළ බව කිව්වා මිසක ඒවා ස්වභාවික අස්වාභාවික කතාවක් කුමාර් ගුණරත්නම් පැවසූ බවක් මට මතක නැත. හේතුව අතවරවලට ස්වාභාවික අතවර කියා ජාතියක් නැති නිසා විය යුතුය.

 

චන්ද්‍රප්‍රේම පවසන පරිදි "තමන්ගේ පස්ස පැත්ත ආරක්ෂා කරගන්න බැරි වුනා" යැයි කියන්නේ "ගුද සංසර්ගය" යන පාරිභාෂික පදය පදනම් කරගෙන නොව "ගුද සංසර්ගය" සඳහා ව්‍යවහාරයේ පවතින අවඥා සහගත අසභ්‍ය වචනය  ආධ්‍යාහාරයෙන් හෙවත් පිටතින් ගතයුතු පදය ලෙස ව්‍යංගයෙන් දැක්වීමටය.

චන්ද්‍රප්‍රේම වම් ඉවුරෙන් මඩට වැටුනේ අද ඊයෙක නොවුනත් මේ ලිවීම පිළිකුලෙන් හෙළාදැකිය යුතුය.

 

කායික-මානසික වධහිංසා සහ ලිංගික වධහිංසා මෙන්ම ලිංගික අතවරවලද පුලුල් පරාසයක් තිබෙන බව එවැනි අත්දැකීමකට ලක්වූ අයෙකු හොඳින් දන්නා බවද කුමාර් ගුණරත්නම් සහෝදරයා විසින් අවධාරණය කළා මතකය.

ධරුම චක්කරේ දාල පස්ස පැත්තට කටු කම්බි ඔතපු බැටන් පොල්ලක් බස්සල බැටන් පොල්ල  පළමුවද දෙවනුව කටුකම්බියද පිටතට අදිනකොට දැනෙන වේදනාව අප දැනගෙන සිටිනුයේ චන්ද්‍රප්‍රේම ගුද සංසර්ගයේ සුදිය දන්නවා වගේමය.

 

ලිංගික අතවර කියනකොටම චන්ද්‍රප්‍රේමට සිහියට එන්නේ ගුද සංසර්ගයම පමණි! වෙනත් කිසිදු අතවර ක්‍රමයක් ඔහු නොදනී. ඔහු දන්නේ එය පමණි!!

 

ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සැකකරුවෙකුට අස්වාභාවික ලිංගික අතවර කෙරූ බව චන්ද්‍රප්‍රේම අහපු පළමු අවස්ථාව මේකලු!

 

 ඒක නම් හරියට හරිය! අස්වාභාවික වැඩ  නැත! කෙළින්ම ස්වභාවික වැඩය!

 

ඒක මිනිහට තවත් විස්මයක් වෙලා තියෙන්නෙ කැරලි කෝලාහල හා යුද්ධ දෙකක් ගැන අවුරුදු තිහක් තිස්සේම පොත් ලියපු වැඩේලු කරේ..! (එතකොට අවුරුදු තිහක්ම වෙන වැඩක් කරල නෑ! පොත් ලියපු එක විතරයි මිනිහ කරල තියෙන්නෙ! හැබෑටම අවුරුදු තිහට මිනිහ පොත් කීයක් ලියල තියෙනවද?)

 

මිනිහා පොත් ලියල තියෙන්නෙ මහපොළවේ හිටපු හමුදා මැදිහත් වූ යුද කැරලි කෝලාහල ගැන නොවිය යුතුය! අප දන්නා ලෝකයේ සෑම හමුදාවකටම ඔවැනි ලිංගික අතවර චෝදනා අඩු වැඩි වශයෙන් ඇත. ලංකාවට පැමිණි ඉන්දියන් හමුදාවටද ලංකාවේ හමුදාවටද මෙය පොදුය. පස්ස පැත්තේ කතාව ඇසිය යුත්තේනම් චන්ද්‍රප්‍රේමගෙන්මය.

 

අස්වාභාවික ලිංගික වැඩ නොව ස්වභාවික විදියට කටයුත්ත කරල, හමුදා අධිකරණවලින්ම දඬූවම් පමුණුවපු ආරක්ෂක හමුදා සාමාජිකයින් ඕනෑ තරම් ලංකාවේ සිටිති. විදේශ හමුදාවල ද එසේය. එය පුද්ගලයන්ගේ දෝෂයක් නොව "හමුදාව" නම් වූ ව්‍යුහයට උරුම වූ කරුම දෝෂයකි. එනම් "සිස්ටම්" එකේම අවුලක්ය.

එමෙන්ම සියලු හමුදා සෙබලුන් එවැන්නන් නොවන බව ද අවධාරණය කළ යුතුය.

ඒත් රටේ තොටේ සිද්ධවුන කිසිදෙයක් චන්ද්‍රපේම නොදැන හිටියේ අවුරුදු තිහේම නොනවත්වා ලියමින් සිටි නිසාය.

 

මීට අවුරුදු තිහකටත් පෙර හැත්තෑ එකේදී කතරගම දී ප්‍රේමා මනම්පේරි සහෝදරිය දූෂණය කරල, මරල ඒ වරදට හිරේ ගියේ ඉන්දියානු හමුදාව යැයි චන්ද්‍රපේම හිතනවා විය හැක. වම් ඉවුර කෙසේ වෙතත් හැත්තෑ එක සමයේ ගං ඉවුරකට වී  පෙම් කෙළිය වයස නිසා ඔහුට ඒවා අමතකද විය හැක.

 

මෙන්න චන්ද්‍රපේමගේ  ලිපියේ තවත් කෑල්ලක්;

 

"...ඔහු කියා සිටියේ තමන් අත්අඩංගුවේ සිටියදී තමාට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ කරන ලදබවයි. මෙවැනි දෙයක්‌ ඇත්තටම සිදුවූවත් ලංකාවේ කිසිම දේශපාලන නායකයෙක්‌ තමන්ට එවැන්නක්‌ සිදුවූ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත".

 

ඒ කතාවත් සම්පූර්ණ ඇත්තය.. එවැනි අතවරවලට ලක්වන දේශපාලකයා පමණක් නොව චන්ද්‍රපේම වැනි මාධ්‍යවේදීන්ද ඒ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. අඩුම ගානේ වික්ටර් අයිවන් වැනි මිත්‍ර මාධ්‍යවේදියකුටවත් කියන්නේ නැත. ඇත්තටම මූණ බලාගෙන කොහොම කියන්නද!

 

ඒ ප්‍රකාශයෙන් ව්‍යංගයෙන් කියැවෙන තවත් කරුණක් වන්නේ මීට පෙරද ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූ දේශපාලකයින්ටද චන්ද්‍රපේම කියන මෙම "පස්ස පැත්තට අතවරය" ආරක්ෂක අංශ විසින් සිදුකිරීමට ඉඩ ඇති නමුත් එහෙම වුනත් හමුදාවෙන් වෙච්ච ඒ අතවරය දේශපාලකයෝ ප්‍රසිද්ධියේ කියන්නේ නැති බවකි!

 

ඒක නම් අදමයි මං ඇහුවෙ! පෙර නොවූ විරූ දෙයකි!! අපූරුයි.. හරිම අපූරුයි..!

 

ඒත් චන්ද්‍රපේමට තරම් මහත දෙහෙත සරීරයක් මට නැතත් මිනිහට වඩා අවුරුදු බර ගණනකින් මං වැඩිමහලුය. මගේ දැනුමෙන් කිව හැක්කේ අතීතයේ නම් ඒක නොසිදුවූ බවත් අනාගතයේ දවසක හමුදාව විසින් රට පාලනය කරන දේශපාලකයින්ට එකී "අතවරය" කිරීමට බොහෝ ඉඩ තිබිය හැකි බවත්ය.

 

ලංකාවේ ඇතැම් මාධ්‍යවේදීන්ට නම් රට පාලනය කරන දේශපාලකයෝ එකී ලිංගික අතවරය නිතර නිතර කරන බව ඔවුන් ලියන තීරු ලිපිවල  වහනය වන ගඳ මගින් ස්ථිරව කිවහැක.

 

 "පුහුල් හොරා කරෙන් දැනේ"  කිව්වාසේ දැවිල්ල ඇත්තේ අබ කෑ එකාටය!

ලිංගික අතවර කියනකොටම චන්ද්‍රපේමට සිහියට එන්නේ ගුද සංසර්ගයම පමණි! වෙනත් කිසිදු අතවර ක්‍රමයක් ඔහු නොදනී. ඔහු දන්නේ එය පමණි!!

 උගුරට හොරා බෙහෙත් බොන්න බැරි සේ ගුදයට හොරා ගුද සංසර්ගයේද යෙදිය නොහැක!

 

ඒ චන්ද්‍රපේමගේ පෞද්ගලික වරදක් නොව "කොල පාට සමාජය" දීර්ඝ කාලයක් ඇසුරු කිරීමේ වරදකි! ඒකත් කළින්කී හමුදාවේ ගැටලුව වගේ අදාළදේටම අනන්‍ය වූ අර්බුදයකි.

 

ඒ ගැන දැන් පසුතැවී හෝ මට සිදුවූ ඇබැද්දිය අනිත් මිනිස්සුන්ට සිදු නොවේවායි මෙත් සිත් පහළ කරගැනීම නම් ලබන ආත්මයට වැදගත්වේවි !

නිතර ගුද සංසර්ගය මතකයට ඒමට බලපාන හේතු පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක දේශපාලනික පැහැදිලි කිරීමක් කවුරු හෝ එම විෂයය උගත් මහත්මයෙක් හෝ නෝනා මහත්මියක් කරනු ලබන්නේ නම් චන්ද්‍රපේමට නොව එය මට කරන උදව්වකි.

හේතුව මේවට උත්තර ලියන කාලය බඩ වියත රැකගැනීම සඳහා හේනක් පිටියක් කෙටීමට යෙදිය හැකි නිසාය.

 

එම ලිපියේ අඩංගු කුමාර් ගුණරත්නම්ගේ දරු දෙදෙනාගේ ඇඳුම් පැළඳුම් විලාසය හා ඔහුගේ ආරක්ෂකයින්ගේ කතා,කුමාර් ගුණරත්නම් අවු 24ක් සැඟවී සිටීමේ කතා, පුරවැසිකම් ගැනීමේ උපක්‍රම  ගැන ආදී සියල්ලට ශුද්ධ සිංහලෙන් පිළිතුරු දැන් වහින වරුසාව නැවතුන වහාම ලියා එවමි.

Comments

 
0 # susil wijetunga 2012-05-06 06:59
I think that Mr Chandrapema tries to be a hero to the JVP
Reply | Reply with quote | Quote
 
 
0 # chaminda 2012-05-06 12:21
88/89 "Thadi Priyantha" kiyana gonibilla.
Reply | Reply with quote | Quote
 
 
0 # gamaya1 2012-05-06 17:03
මේකාට කියන්න තව දෙයක් තියෙනවා. ශ්‍රී ලනිපයේ හිටිය උතුම් වැදගත් මහාචාර්ය තුමෙක්. එතුමා දැන් අප අතර නෑ. එතුමාට නිවන් සුව පතන ගමන් මේ කියන්නේ . එතුමාගේ පුතාව චන්දරේ ගේ කල්ලිය ප්‍රා කාරයෝ ඔත්තුව දීල හමුදාවට ගත්ත. ඒ පුතාව එස්ලෝන් බට ක්‍රමයට අනුව කටු කම්බි දමා වධ දුන්න. ඒ අහිංසක දරුවා මැරුණා. උභතෝකෝටික ප්‍රශ්නය මෙයයි. ඒ ළමයාගේ සහෝදරයා ශ්‍රී ලනිපයෙන් චන්දෙ එල්ලුවා ගෝටභය මහත්තයාගේ උපකාර ඇතුව. එතකොට දැන් චන්දරේ කහින්නෙත් මේ ගොල්ලට . අනේ කාලේ වනේ වාසේ. ඔන්න චන්දරේ දන්නැති කතාවක් උඹලගේ පැත්තෙමේ නිසා අහල බලපන් ගුටි නොකා
Reply | Reply with quote | Quote
 
 
+1 # gamaya1 2012-05-06 17:18
ගොහොරුව
වම් ඉවුරේ චන්දරෙත් ගොහොරුවට බැස තිබේ. අන්තිමට අන්තිමට චන්දරෙටත් කුමාර් ගුණරත්නම් යනු වැදගත් මාතෘකාවක් බව තේරුම් ගියේය. වම් ඉවුර කීවාට දකුණු ඉවුරේ ඉඳන් අසූචි භෝජනය කරන චන්දරේ අලුත් කතාවක් කියන්නේ නැත. නමුත් අලුත් කෝණයක් යයි සිතා ලංකා හමුදාවලින් ලිංගික අපරාධ සිදුවෙන්නේ නැත කියයි. චන්දරේ කියන ආකාරයට . "මම ද අවුරුදු 30 ක්‌ කැරලි කෝලාහල හා යුද්ධ 2 ක්‌ ගැන පොත් ලියා තිබියදී ලංකාවේ ආරක්‍ෂක හමුදාවල උදවිය විසින් සැකකරුවකුට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ කළා යෑයි ඇසුවේ පළමු වතාවටය.". පළමු වතාවට අසන්නේ මේ වගේ එකෙකුට ඒ ගැන කියා පලක් නැති නිසාය. අසූචි භෝජනය කරන අයෙකුට අනිත් අයගේ දුකක් දැනෙන්නේ කොහොමද. ලංකාවේ අස්වභාවික ලිංගික ක්‍රියා කර වධ දෙන්නේ හමුදාවේ පමණක් නොවේ. පොලෝසිය, විශ්ව විද්‍යාල , පන්සල් හා පල්ලි මේ විදියේ දේවල් කරන වල් යක්කුන් සිටිති. පොලොසියට අහු වුන කීප දෙනෙක්ම වෘෂණ කෝෂ ලාච්චු වලට දමා වැසීම, එස්ලෝන් බට පස්සේ ගැසීම වැනි චන්දරේට අනුව ලිංගික නොවන ක්‍රියා විඳ තිබේ. චන්දරේ මේවා නොදන්නවා නොවේ. හමුදාවට ඔත්තු දීම පටන් ගන්නට කලින් චන්දරෙත් යම් යම් දේවල් "විඳ ගත්" බව දන්නෝ කියති .
ඒ මිනිසුන්ට ලංකාවේ නීතිය නොසලකන උසාවි වලට ගිහින් ඔප්පු කරන්නට බැරි බව දන්නා නිසාය. උසාවි මහේස්ත්‍රාත් ලා මාර්ග නීති කඩා වේගයෙන් ගොස් ඒ පින්තුර මුණු පොතේ දමන රටක නීතියක් තියේද. විත්තිකාරයාගේ අඹුව සමග නිදාගෙන අඩු තීන්දු දෙන නඩුකාරයන් ඉන්න රටක ඒ ගැන කියා පලක් තියේද. චන්දරේ මේ කරන්නේ පහුගිය වසර ගණනක සිට අසුචි භෝජනය කරමින් ලියු ලිපිවලින් ලැබුණු පාරිභෝගික සම්පත් නැතිවෙන බියෙන් මඩ ගැසීමය. මේ වගේ දැන දැන බොරු කියන්නේ ඒ නිසාය. චන්දරෙත් දැනගත යුතු දෙයක් තිබේ. චන්දරේගේ බමරේ හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැත. එදාට චන්දරේට මේ ලියන ඒවාට උත්තර බැඳීමට සිදුවනු ඇත.
Reply | Reply with quote | Quote
 
 
0 # spy 2012-05-06 19:23
When he was an undergraduate at the Colombo University (I think that) he was a supporter of the Independent Students' Union headed by the slain leader Daya Pathirana. At the end of the second JVP uprising in 1988/89 he wrote a series of articles to The Island. I think that these articles were published later in book form. How did he get all the military information to write these articles is a problem to me. Gunadasa Amarasekara later attacked him in his articles, while defending the JVPers- that Chandraprema attributed the demonic activities of the JVP to the rural roots -that the rural folk are influenced by various Yakas in their day-to-day dealings; that you find demons either painted or sculptured in rural temples. An absurd peice of 'logic'.
He was known as "Thadi Chandare" or "Thadi Preme." Later he became a supporter of Premadasa. Wrote many articles supporting Premadasa's draconian rule.
I think Chandrika has sent him to jail. I cannot remember the reason. Later he went to America, I think to follow a course. I can remember that Rajitha and others attackede him, the rerasons are obvious. Some time back to curry favour with Rajitha he wrote an article entitled, "Importance of Being Rajitha".
He was a close friend of Tharaki. At the height of the war and immediately after the war he wrote several articles criticising NGOs, how they get funds and how the funds are being misused. In these articles he quoted from Vijitha Herath's Commission Report.
Reply | Reply with quote | Quote
 
 
+1 # Fernando 2012-05-06 19:34
To Mr:Rupe
Ask Chandraprema to recollect how American soldiers sexually assault their victims in Iraq, Afganistan and in other countries that they wage war. Recently they urinated on some captured prisones. Remember what they did in Abu-Gariff, forcing the prisoners to assault each other sexually. Another classic example is "water-boarding" used by the CIA to gather information from the suspects. Obama the man who was awarded the Nobel Peace Prize for no contribution to world peace at all defended "water-boarding".
Reply | Reply with quote | Quote
 
 
0 # වෙදගෙදර 2012-05-06 19:58
සමරිසි (Homosexual) ;ස්ත්‍රී පුරුශ බේදය සලකා, ස්ව වර්ගය සමග සමීප සබදතා දක්වන හෝ එයට ලැදි තැනැත්තන් සමරිසි තැනැත්තන් සේ සැලකේ
ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා එයාලට ඉගෙනීමට අවශ්‍ය කරන වටිනා පොතක් තමයි මාධව නිදානය කියන්නේ. මේක අත් පොතක් වගේ හැම වෙලේම ලඟ තිබිය යුතු පොතක්. ලියලා තියන්නේ 6 හෝ 7 සියවස් වල ජීවත් වූ ඉන්ධුකර පුත්‍ර ශ්‍රී මාධවකර නම් පඬිවරයෙක්. විශාල ග්‍රන්ථයක්. මේ ග්‍රන්තය පිටු 1500 විතර විශාලත්වයකින් යුතුයි.

මේ ග්‍රන්ථයේ 742 පිටුවේ සිට 743 කොටසේදී සමරිසි අය ගැනත් යම් කිසි කෙටි සටහන් කීපයක් අඩංගුකර තිබෙනවා.සුශ්‍රැත සංහිතාව අදට වර්ෂ 7000- 8000 පමන අතීතයේ ලියැවුනු ඉතා වටිනා ග්‍රන්ථයක්. මෙහි මෙම කරුණු ඉතාමත් විස්තරාත්මකව දක්වා තිබෙනවා.

3. කුම්භීක පුරුෂ.
මේකෙන් කියවෙන්නේ ගුද ලිංගික සංසර්ගය ප්‍රිය අය ගැනයි. ( ගේ නේද? මොහු ඇත්තෙන්ම නපුංසක වුවත් ලිංගික හැකියාවකුත් ඇති ඝනයට වැටෙන්නෙක්. මේ පොතේ කියන ආකාරයට නම් මේක ජානමය බලපෑමක්.)
Reply | Reply with quote | Quote
 
 
0 # මාතර නන්දෙ 2012-05-07 15:06
'කොලපාට සමාජය'පොත ලිව්වේ චන්ද්‍රප්‍රේම නොවෙයි. ලියපු සබෑ මිනිහ තමයි ප්‍රගීත් එක්නැළිගොඩ.චන්ද්‍රප්‍රේම කලේ බුද්ධීමය දේපල මංකොල්ල කෑමක්
Reply | Reply with quote | Quote
 
 
0 # deepak 2012-05-07 22:58
hamadama chandareta owa liyanna hambawenne naha.dawasaka di janathaawagen berenna bimagigawela samaawa ganna wena dawasak ena bawa witharak mathaka thiya ganna eka hondai.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.